වික්ටෝරියා, වීඩියෝව, ජනපති සහ පුංචි ප්‍රේමදාස.


හර්ෂි සි. පෙරේරා

"තංගල්ල මැඩිල්ල හෝටලයේදී තමාට හිරිහැර කළ සැකකරුවන් කිසිවකුත් හඳුනා ගැනීමට රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් තරුණියට නොහැකිවිය. එහෙත් සෙසු සාක්කිකරුවෝ ඔවුන් හඳුනා ගැනීමට සමත්වූහ. නඩුව සිකුරාදා යළි කැඳවීමට තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය.

තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණල ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත් හෙවත් සහන්ල විතාරන්දෙණියේ ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්ල නලගම වීරප්පුලිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශපි‍්‍රය මේ අනුව රිමාන්ඞ් කරනු ලැබූහ."

විදේශීය කාන්තාවකට සැකකරුවන් හදුනා ගැනීමට නොහැකිවීම ඉතා සාදාරන තත්වයකි. ඔවුහු ඇයව දුෂණය කළහ. සිද්දිය එක් පුද්ගලයෙක් සම්පුර්ණයෙන් වීඩියෝ කර ඇත. මෙම වීඩියෝවට කුමක්වීද?

අපේ රටේ මෑතකදී ස්ත්‍රී දුෂකයින් මිනීමරුවන් ජනපති සමාවෙන් නිදහස් විය. කොතෙකුත් සාක්ෂි තිබුනද නිතිය මත පාලනය වෙනුවට නිතිය හා පිළිවෙල ක්‍රියාත්මක වන ජනාදිපතිවරයා නීතියට ඉහලින් ඉන්නා රටක ඕනෑම දෙයක් සිදුවිය හැකිය.

මෙම ප්‍රදාන අපරාදකරු වන ප්‍රාදේශීය සබා සබාපති මිට පෙරද සජිත් ප්‍රේමදාසගේ ආදරකරුවකු ගාතනයට සම්බන්දය. නමුත් මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස නිහඩය. සජිත් ප්‍රේමදාස අනාගතයේ මේ රටේ නායකයා වුවද බිහිවන්නේ නිතිය නොමැති වාතාවරණයක් බව ඔහු යුක්තිය පිළිබද අනුගමනය කරන නිහඩ පිළිවෙලින් මනාව අවබෝද වේ.