ඇමෙරිකාව: තලිබාන් නියෝජිතයින් ඇමෙරිකානුවන් හමුවෙති

| කිෂානි වැලිවිටිගොඩ

ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් කිරීම සදහා අවශ්‍ය මුලික අඩිතාලමක් දැමීමේ අරමුණින් තලේබාන් නියෝජිතයින් සහ ඇමෙරිකානු නියෝජිතයින් අතර කටාර් හීදී සාකච්චා සිදු වී ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත අද ( 29 ) වාර්තා කළේය.

අදාළ සාකච්චා සඳහා තලේබාන් නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වූ බව සඳහන් කරන පුවත්පත එම සාකච්චා වලදී දෙපාර්ශවය භාරයේ සිටින සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳවද සලකා බැලු බව වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ආණ්ඩුව අදාළ සාකච්චා පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා කටාර් ආණ්ඩු නියෝජිතයින් පිරිසක් කාබුල් නුවරට පැමිණෙනු ඇති බලාපොරොත්තු වන බව මේ අතර වාර්තා වේ.
මේ අතර අදාල පුවත්පත් වාර්තාවට අනුව තලිබාන් සාමාජිකයින් 4 -8 ක ප්‍රමාණයන් පකිස්ථානයේ සිට කටාර් වෙත ගොස් ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණ රටින් (ඇෆ්ගනිස්තානයෙන් ) බැහැරව සිටින අයට රැස්විය හැකි දේශපාලන කාර්යාලයක් පිහිටුවීම බවයි.