සංසර්ගය අවසන් වූ පසුත් සුරතාන්තයට පත් නොවීම

| Courtesy: 3mana.org

( 24-01-2011 | lankaguardian.com) දැන් රට තිබුනට වඩා කොච්චර නම් හොදද? අපිට නිදහසේ කොළඹ නගරයේ ඇවිදින් පුලුවන්, අධිවේගී මාර්ග නිසා ඉක්මනට ගමේ යන්න පුලුවන්, බස් වල පාරවල් වල සිගරටි බොන් නැති නිසා නිදහසේ හුස්ම ගන්න පුලුවන්, කුඩු කාරයන් , පාතාල කාරයන් නැති නිසා නිදහසේ වෙළෙදාමක් කර ගන්න පුලුවන්, කාන්තාවකට ඔීනම රැයක නිදහසේ ගමන් කරන්න පුලුවන් නිවාඩු කාලයට පවුල් පිටින් යාපනය, මුලතිව් වගේ පළාත් වල ගිහින් විනෝද වෙන්න පුලුවන් මිනිස්සු මීටත් වඩා මොනවද රජයකින් බලාපොරොත්තු වෙන්නේ.

පාතාල අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන දේශපාලඥයන් සහ වෙනත් පුද්ගලයින් පිලිබදව සොයා බැලීමටත්, ඒ වැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමටත් ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පාතාල අපරාධකරුවන්ට සහාය ලබා දීම හෝ රැකවරණය සැලසීම සහ ඔවුන්ගෙන් විවිධ ආකාරයේ උදව් ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වේ.

යමෙක් එවැනි දේකට සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පොලිසියට සම්පූර්ණ බලය ලබා දී තිබේ.

පොලිසියේ ක්‍රියාකාරීත්වයට බාධා කරන යම් කෙනෙක් වෙතොත් ඔවුන් පිළිබඳ දැනුම් දෙන ලෙස ද ආරක්‍ෂක අමාත්‍යාංශය පොලිසියට දැනුම් දී ඇත.

මේ අතර, රට පුරා සැඟවී සිටින පාතාල අපරාධකරුවන් සොයා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි දැවැන්ත මෙහෙයුම් සිදු කෙරේ.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බළකාය, සහ සියලුම බුද්ධි අංශවල සහාය ද ඇතිව මේ මෙහෙයුම් ක්‍රියාත්මකවේ.

තවද, පාතාල අපරාධකරුවන්ට මෙරටින් පලායාමට ඉඩ නොලැබෙන පරිදි කටුනායක ගුවන් තොටුපළ මෙන්ම හොර මුහුදු මාර්ග සියල්ලක්ම දැඩි ලෙස ආරක්‍ෂාව තරකර තිබේ.

එසේම, පාතාල අපරාධකරුවන්ට මෙරටින් පලායාමට සහාය දෙන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා බුද්ධි අංශ නිලධාරීහු නිරතුරුව ම මෙහෙයුම්වල යෙදී සිටිති.

ශ්‍රී ලංකා මිරර් ප්‍රවෘත්තිය

ඉහත ප්‍රවෘත්තිය දුටු සැනින් අපගේ සිතට දැනේනනේ මහත් අස්වැසිල්ලකි. මන්ද යත් තව දුරටත් මේ රටේ චන්ඩින්ට,මැරයින්ට,පාතාල නායකයන්ට ඇවැසි පරිදි ජන ජීවිතය මෙහෙය වන්නට දැන් අවස්ථාවක් නැත. ගරු ආරක්ෂ ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ වන විටත් එවැනි සියලු අයට එරෙහිව යුද්ධය අරබා අවස්නය. දැන් ලංකාවේ සාමාන්‍ය ජනතාවට සේම ව්‍යාපාරිකයන්ට ද තමන්ට අවැසි පරිදි නිදහසේ සිය දෛනික ජීවිතය පවත්වාගෙව යන්නට අවශ්‍ය කරන වට පිටාව සැකසී අවසන්ය. ඉතින් තව දුරටත් නියමිත බදු මුදල රජයට ගෙවීමෙන් අනතුරුව ව්‍යාපාරිකයන්ට රජයේ පූර්ණ ආරක්ෂාව යටතේ තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්නට කිසිවෙකුටගන් වත් බාධාවක් ඇති නොවේ. මේ වන විටත් ආරක්ෂක අමාත්‍යාංශය සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ භූමිකාව නිරූපණය කරන්නට පටන් ගෙන තිබෙන නිසා දෙවියන් විස්වාස කරමින් ජීවත් වන්නට ජනතාවට අවස්ථාව උදාවී ඇත. වරදකරුවන්ට දැඩි දඩුවම් පමුණුවන්නට දෙවියන් වහන්සේ හෙවත් ආරක්ෂක අමාත්‍යාංශය හා බුද්ධි අංශය සැදී පැහැදී සිටින නිසා මේ වන විටත් ශ්‍රී ලංකාව පරිපූර්ණ බියුලොක් රාජධානිය තරම්ම සුරක්ෂිතය. මේ නිසා තව දුරටත් මේ රාජධානිය තුල සුරංගනා කතා කරුවන්ට හා නපුරු රාක්ෂයන්ට අවකාශයක් නොමැත.


වසර 2009 දී සිංහල ජාතියේ පොදු සතුරා වූ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී හිසට පොරවකින් ගසා මරා දමනු ලැබූ නිසා දුරටත් කොළඹ දී බෝම්බ පිපිරෙන්නේ නැති බව අපට විස්වාසය. මේ නිසා උදෑසනම නිවසින් පිටව යන සැමියා, බිරිද, දරුවන් යළි නිවසට පැමිණෙන තුරු සුසුමිලම්න් බලා නොසිට සිරස රූපවාහිනියේ පබිලිස් සිල්වා විසින් කියා දෙන රස කෑම සදන්නට අවස්ථාව ලැබී තිබේ. මෙවැනි පරිපූණ සමාජයක් තුල තව දුරටත් මනුෂ්‍ය සම්බන්ධකම් යනු ස්වර්ණවාහිනියේ ජන සරණ, ස්වාධීන රූපවාහිනායේ දොරමඩලාව, සිරස රූපවාහිනියේ සක්මන් මළුව වැනි වැඩසටහන් මගින් අපට කියා දෙන මනුෂ්‍යත්වයට ලඝු කරන්නට පුලුවන. මෙවන් ගල් ගැසී හිරිවැටුන සමාජයක දේශපාලනය යනු තව දුරටත් අධිවේගී මාර්ග, උතුරු වසන්තය, දැයට කිරුළ, ජනවාර්ගික සහයෝගීතාවය, පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රී ඇමතිවරු ක්‍රීකට් ගැමීමේ සිට ගමේ පාරට ක්‍රොන්ක්‍රීටි ටිකක් දමා ගැනීම වැනි කාරණා වශයෙන් ඌණනය වී තිබෙනු දක්නට පුලුවන. බොහෝ ලාංකිකයන් ගේ මුවින් අපට අසන්නට දකින්ට ලැබෙන්නේ මෙවන් කතාවකි.

බලන්න දැන් රට තිබුනට වඩා කොච්චර නම් හොදද? අපිට නිදහසේ කොළඹ නගරයේ ඇවිදින් පුලුවන්, අධිවේගී මාර්ග නිසා ඉක්මනට ගමේ යන්න පුලුවන්, බස් වල පාරවල් වල සිගරටි බොන් නැති නිසා නිදහසේ හුස්ම ගන්න පුලුවන්, කුඩු කාරයන් , පාතාල කාරයන් නැති නිසා නිදහසේ වෙළෙදාමක් කර ගන්න පුලුවන්, කාන්තාවකට ඔීනම රැයක නිදහසේ ගමන් කරන්න පුලුවන් නිවාඩු කාලයට පවුල් පිටින් යාපනය, මුලතිව් වගේ පළාත් වල ගිහින් විනෝද වෙන්න පුලුවන් මිනිස්සු මීටත් වඩා මොනවද රජයකින් බලාපොරොත්තු වෙන්නේ.


සාමාන්‍යයෙන් අප විසින් මුල පටන්ම කියන පරිදි ජනතාව මේ යළි යළිත් ඉල්ලා සිටින්නේ නීතිය හා ආධිපත්‍ය යළි ස්ථාපිත කරණ ලෙසයි. නැතිනම් මහා අනෙකාගේ හෙවත් සම්මුති අනෙකාගේ පාලනයයි. සාමාන්‍යයෙන් මහා අනෙකා නැති නම් සම්මුති අනෙකා යනු පියවි ඇසට දක්නට ලැබෙන සජීවි වස්තුවක් නොවේ. මහා අනෙකා කියන්නේම සම්මුතියකටයි. මේ සම්මුතිය පියවි ඇසට පෙනෙන දෙයක් නොවන අතර මෙය සංකල්ප තලයේ කතිකාවක් තුල ගොඩ නැගෙන්නකි. ඒ අනුව අප බස් රථයකට ගොඩ වූ පසු අප මුදල් ලබා දෙන්නේත් කොන්දොස්තරවරයා අපට ටිකටි පතක් ලබා දෙන්නේත් රියදුරුවරයා අපව ගමනාන්ගය දක්වා පරිස්මින් ගෙන යන්නේත් මේ සම්මුති අනෙකා නැති නම් මහා අනෙකාගේ පාලනය සමාජයක් තුල ක්‍රීයාත්මක වන බැවිනි. අප සියලු දෙනා අතර අනෝන්‍ය බැදීම හා විස්වාසය තහවුරු වන්නේ සමාජයක් තුල මේ මහා අනෙකාගේ නැතිනම් සම්මුති අනෙකාගේ පාලනය ක්‍රියාත්මතක වන බැවිනි.

තවත් උදාහරණයකින් මෙය පැහැදිලි කරන්නේ නම් අප පන්සලකට ගොඩ වන විට පාවහන් පන්සල අසල ගලවා තබා යන්නේ අපගේ පාවහන් කිසිවකු විසින් සොරකම් නොකරණු ඇතැයි අප තුල පවතින විස්වාස නිසාය. නමුත් එකවරවම පන්සල් අසල තිබෙන සෙරෙප්පු කවුරුන් හෝ විසින් සොරකම් කිරීම නිසා අපගේ දෛනික ජීවිතයේ සමබරතාවය ගිලිහී යයි. අනතුරුව මේ හොරුන්ගෙන් අපේ පාවහන් ආරක්ෂාකර දෙන්නට පෙර අපට නොපෙනී සමිමුතියක් වශයෙන් ක්‍රීයාත්මක වූ මහා අනෙකා පන්සල් අසල මුදලට පාවහන් ආරක්ෂා කරන්නන් වශයෙන් ජීවමානව පාදූර්භූත විය.
ලාංකීය සමාජය තුල පාතාලය නම් සංකල්පයද වන්ධනය වන්නේ මෙරටට විවෘත ආර්ථිකය නම් සංකල්පය පැමිණිමත් සමගමය. එනම් ධනවාදයේ සියලු සංකල්ප අප රටතුල පැලපදියම් වීමෙන් අනතුරුවය. රටක පාතාලය කෙතරම් ප්‍රබල වුවත් එරට නීතියේ පාලනය ඊට වඩා ප්‍රබල වන්නේ නම් ජන ජීවිතය මුලුමනින්ම පාලනය කරන්නට පාතාලයට අවකාශය ලැබෙන්නේ නැත. එනම් රටක සම්මුති අනෙකාගේ නැතිනම් මහා අනෙකාගේ පාලනය තව දුරටත් ක්‍රියාත්මක වන්නේ නම් එරට තුල ජන ජීවිතයට බලපාන විවිධ තර්ජන ඇති වුවත් ඒවා ඉබේම මේ සමිමිතිය තුලින් සමබර වී රාජ්‍ය පාලනය හා ජන ජීවිතයේ යහ පැවැත්ම තුලනය වීම සිදුවේ. සාමාන්‍යයෙන් ධනවාදී සමාජයක දහවල් ජීවිතය හා රාත්‍රි ජීවිතය අතර පවතින පරතරය නැති නම් මේ හොද නරක, යහපත, අයහපත වැනි සංකල්ප පූර්ණ වශයෙන් ඉවත් කර පරිපූර්ණ සමාජයක් ගොඩ නැගීම කළ නොහැක්කකි. එවන් පරිපූර්ණ රාජ්‍යයන් යනු සුරගන කතා වලට පමණක් සිමා වූ ඒවාය.

ලංකාවේ මේ කාලයේ සිද්ධ වන්නේ මහා අනෙකා නැතිනම් සම්මුති අනිකා වෙනුවට කුඩා සම්මුති අනිකුන් බුරුතු පිටින් පැටව් ගැසීමය. ඒ අනුව කැළණිය ප්‍රදේශයේ එම භූමිකාව මර්වින් සිල්වා විසින් රඟ දක්වනු ලැබූ අතර මේ දවස් වල කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක ලේකම් වරයාද නිරූපණය කරමින් ඉන්නේ මෙවන් භූමිකාවකි. ඔහු මුලින්ම එතෙක් පාතාලය අත කේනද්‍රගතව පැවති පෞද්ගලික බස් රථ වලින් කප්පන් ගැනීමේ ක්‍රීයාවවිය විධිමත් භාවට පත් කරමින් එය නතර කරණු ලැබූවේ අප පෙර කී පන්සල් අසල සෙරෙප්පු මුර කරන්නට සමාජය ඉදිරියේ පාදූර්භූත වූ උපසාකයන්ගේ භූමාකාව නිරූපණය කරමිනි. මත්කුඩු බෙදා හැරීම සම්බන්ධයෙන් ද ඔහු අනුගමනය කලේ මෙම න්‍යායයම වන අතර දැන් පාතාලය සම්බන්ධයෙන් ද අනුගමනය කරන්නේ එයමය. ඒ අනුව දැන් පාතලය මර්ධනය කරන්නට පෙර සම්මුතියක්ව පැවති නීතියේ පාලනය නම් සංකල්පය වෙනුවට ගෝඨාභය රාජපක්ෂ හා ආරක්ෂක අමාත්‍යාංශය නමි දෘෂ්ශමාන සංකල්පය පෙරට පැමිණ ඇත. මේ වන විටත් නිතියේ පාලනය මුලුමනින්ම බිද වැටුන අධිකරණය යනු ටෙනිසන් කුරේ වර්ගයේ චිත්‍රපටියක් වූ ලාංකීය සමාජයේ මහා අනෙකාගේ භූමිකාව සම්මුතියකින් දෘෂ්ශමානයක් බවට පොලා පැන ඇති බව පැහැදිලිය.

මෙවැනි සමාජයක ජනතා පරමාධිපත්‍ය යනු නිදහසේ ඔබ මොබ යාම බවට පත්ව ඇත්තේ මේ නිසාවෙනි. දෙමළ ජාතියේ විමුක්තිය වෙනුවෙන් සමූලඝාතනය වූ එල්.ටී.ටී.ඊ සංවිධානය වසර තිහකට අධික කාලයක් අඛණ්ඩව ගෙන ගිය අරගලය එක් රැයක් තුල පහළ වූ ත්‍රස්තවාදයක් බවට ඌණනය කරමින් අපිට නැති දෙමලාට දෙමල වීම නිසාම ඇති සුවිශේෂි ගැටලුව කුමක් දැයි අසන බහුතර සිංහල මතවාදය මේ වන විටත් සිටින්නේ ලාංකීය සමාජය නම් පරාදීසයේ විනෝදයේ උපරිම අවස්ථාවෙන් මුසපත් වෙමිනි.


ජාතිවාදී යුද්ධය නම් සංසර්ගය නිමා වී මෙන් පසුවත් තවමත් සුරතාන්තයට පත් නොවුණු සිංහල ජාතිය තව දුරටත් ඉල්ලා සිටින්නේ කුමක් ද? දහතුන මොකටද? පොලිස්, ඉඩම් බලතල දෙන්න එපා වැනි විකාර කියමින් සිටින්නේ දෙමලාට බලය බෙදීම ඔස්සේ සිංහලයා නොවිදින විනෝදයක් දෙමළ විදිනු ඇතැයි සිංහලයා විස්වාස කරණු ලබන නිසා ද? ධනවාදය තුල ප්‍රා්ගධනයට මිස චණ්ඩ්න්ට තව දුරටත් අවකාශයක් නොමැති බව අපට පසක් කර දුන්නේ අක්බර් බදර්ස් සහෝදරවරුන්ය. නමුත් තවමත් ලාංකිකයා සිතා සිටින්නේ මර්වින් සිල්වාට දඩුවම් කරණු ලැබූවේ කාලී මෑණියන් බවයි. මෙය හරියටම කුරුසයේ ඇණ ගසන මොහෝතේ කිසිවකුත් තමන් බෙිරා ගන්නට නොමැති බව යේසුස් අවබෝධ කර ගනිමින් දෙවියන් වහන්සේ නොමැති බව අවබෝධ කර ගත්තාට සමානය. ඒ අනුව මර්වින්ට දඩුවම් කරණු ලැබූවේ ඉන්දීය බහුජාතික සමාගමක් වන ටාටා සමාගම සහ මහින්ද ච්න්තනය මිස කාලී අම්මා නොවේ.

තව දුරටත් උතුරු නැගෙනහිර මෙතෙක් ධනවාදයට විවෘත නොවූ නව වෙළෙද පොලක් ගොඩ නැගීම මිස එහි වෙසෙන පීඩිත පංතියේ ජනතාවට බලය බෙදන්නට රාජපක්ෂලාට අවැසි නැති බව පැහැදිලිය. එමෙන්ම පාතාල මර්දනය කිරීමේ රාජපක්ෂ පාලනයේ අවශ්‍යතාවය ජනතාවගේ සුභ සෙත සැලසීම නොව විකේන්ද්‍රණය වී පවතින මැර බලය සිය රජය වටා සංකේන්ද්‍රණය කර ගැනීමය. නීති විරෝධි මත් පැන් තහනම් කිරීම යනු නීතීගත මත්පැන් අලෙවිය වැඩි කර ගැනීම හා එමගින් බදු ආදායම වර්ධනය කර ගැනීමය. මේ නිසා මේ මොහොතේ අප සිනාසිය යුතුද? නැත්නම් හැඩිය යුතුද? ලාංකේය ජාතිය මත ඉතිරිව වන පැනය මෙයයි. අප සංසර්ගයේ යෙදී අවසන්ය නමුත් ප්‍රශ්ණය වන්නේ සුරතාන්තයට පත් නොවීමයි. මේ නිසා යුද්ධයෙන් වසර දෙකක් ඇවෑමෙන් පසුවත් අප කල්පනා කරමින් ඉන්නේ ඇත්තටම සිංහලයාට නැති දෙමළාට ඇති ප්‍රශ්ණය කුමක් ද කියාය.