ස්කොට්ලන්තයේ රැකියා වියුක්තිකයන්ගේ අගය 231,000 ක් දක්වා වැඩි වේ.


l කිෂානි වැලිවිටිගොඩ
 
පසුගිය වර්ෂයේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා මාස වලදී රැකියා රහිත පුද්ගලයීන් සංඛ්‍යාව 19,000 කින් වැඩි වී තිබෙන අතර මුළු රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව 231,000 ට වඩා ඉහළ අගයක් ගන්න බව නවතම නිළ සංඛ්‍යා ලේඛන වාර්තා වලින් හෙළිදරව් වේ. කම්කරු සංඛ්‍ය ලේඛන වලට අනුකුලව ස්කොට්ලන්තයේ රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාවේ ප්‍රතිශතය 8.6% ක අගයක් ගන්නා අතර එම ප්‍රතිශතය බ්‍රිතාන්‍යයේ සිටින රැකියා වියුක්තිකයන්ගේ ප්‍රතිශතය වන 8.4% වඩා වැඩි අගයක් වේ.

2,467,000 ක් පමණ වන රැකියා නියුතු වුවන්ගේ සංඛ්‍යාවේ 8,000 ක අගයකින් පහළ බැස තිබේ. ස්කොට්ලන්ත කම්කරුවෙක් විදෙස් පුවත් එජෙන්සි වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ස්කොට්ලන්තයේ දැනට පවතින් ආර්ථික තත්වය සහ රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම අසතුටුදායක බවය. එරට කම්කරු පක්ෂ නායක ජොහැන් ලැමොන්ට් ප්‍රකාශ කර සිටියේ රැකියා වියුක්තිකයින්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යාම ජාතික අර්බුධයක් නිර්මාණය වීමට තුඩු දී ඇති බවයි.