" කටවහගෙන හිටපිය බල්ලා"- පයාගල පොලිසියේ කොලබගේ.



හර්ෂි සි. පෙරේරා

ඉහත ආකාරයට පයාගල පොලිසියේ කොලබගේ නමැති වැඩ බලන ස්ථානදිපති ආමන්ත්‍රණය කර ඇත්තේ දල්කදුර ආරච්චිලාගේ ජයන්ත සිල්වා ගුණරත්න නමැති 44 හැවිරිදි විවාහක දරුවන් දෙදෙනෙකුගේ පියෙකුවන රැකියාව ලෙස රා මැදීම කරන පුද්ගලයෙකුටය. ඔහුගේ පදිංචිය අම්බලන්ගොඩය.

ජයන්ත 2011 පෙබරවාරි මාසයේ සිට පයාගල ඇතගම පදිංචි කරුණාමුනි වික්රමසිරි සිල්වා නමැති අය යටතේ කොන්ත්‍රාත් පදනමට රා මැදීම සිදුකල අතර ඔක්තෝම්බර් මාසයේ අසනීප විමනිසා දින 05 ක් පමණ රැකියාවට යාමට නොහැකිවී ඇත.

සුවය ලබා ගියවිට රැකියාව අහිමි විය. එවිට ජයන්ත කරුනාමුනිගෙන් ලැබිය යුතු ගෙවීම් සහ බලපත්‍රය ඉල්ලා සිටින ලදී. ලැබුණු උත්තරය ගණන් බලා දන්වන බවයි.

මෙසේ සිටින අතර 2011.11.04 දින පයාගල පොලිසියට එන්නයි ජයන්තට තුන්ඩුවක් ලැබේ. පයාගල පොලිසිය කරුණාමුනි සහ ඔහුගේ බිරිදව ඉතා සමීපව ඇසුරු කරයි. පොලිසියේදී කරුණාමුනි තමන්ට ජයන්තගෙන් මුදල් ලැබිය යුතු බව පවසයි.

පොලිසිය ජයන්තට සවන් නොදී කරුනාමුනිට පක්ෂපාති වෙමින් බැණ තර්ජනය කර මුද්දර ඇලවූ හිස් කොලයකට බලෙන් අත්සන් ගෙන ඇත.

මේ අවනඩුව පැමිණිලි කරන්නට කළුතර ඒ එස් පි කාර්යාලයට ගිය ජයන්තට උපදෙස් ලැබුනේ නැවත පයාගල පොලිසියට ගොස් පැමිණිලි කිරීමටය. ඔහු එහි ගියේය. පැමිණිලි කළේය.

2011.11.11 දින ජයන්තගේ පැමිණිල්ල විබාගයට ගැනිණි. කරුණාමුනිගේ බිරිද ජයන්තට පොලිසියේදී අසබ්ය වචනයෙන් බැණ වැදුනාය. ඔහුට පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තර්ජනය කලේ පොලිසිය තුලදීම "අම්බලන්ගොඩට ඔලුව ඇතිව යාමට කැමතිනම් අන්ට්‍රිය ඉල්ලා අස් කර ගනින්" යනුවෙනි. ජයන්ත පැමිණිල්ල ඉල්ලා අස් කර ගත්තේය.

දැන් ජයන්තට පයාගල පොලිසියෙන් යයි කියමින් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබේ. ඒ කුඩු පැකට් එකක් දාලා උසාවි දානවා යනුවෙනි.