"ඇමෙරිකාව ක්‍රියාවක් ක්‍රියාවකින් මුණගැසෙනවා" - ක්ලින්ටන් බුරුමය ගැන.

හර්ෂි සි. පෙරේරා

එක්සත් ජනපදය බුරුමය සමග තානාපතිවරු හුවමාරු කර ගැනීමට තීරණය කල බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කියා සිටින්නීය. ඒ බුරුමය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටීමත් එහි සිදුවන අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතුද හේතු කරගෙනයි. ක්ලින්ටන් මේ බව ප්‍රකාශ කලේ බුරුම ජනාදිපති තින් සේඉන් ලබා දුන් සමාවකට අනුව ප්‍රසිද්ද දේශපාලන රැදවියන්ද ඇතුළුව රැදවියන් 651 දෙනෙකු නිදහස් කිරීමත් සමගයි. ජනාදිපති බරක් ඔබාමාද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ උදෙසා ගත් ප්‍රමාණවත් පියවරක් බවයි.