තංගල්ලේ සංචාරකයා ඝාතනයට විමල් වීරංවශගේ ගෝලයෙකුත් අල්ලයි

| අමිල ගුණරත්න

පසුගිය නත්තල් දිනයේදී තංගල්ල – මැඩිල්ල ප‍්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය වනවික්‌ටෝරියාට ලිංගික අතවර සිදු කිරීම ගැන සැක පිට අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරංවශ ගේ ගෝලයෙකු වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරි පියදාස රත්නායක වීරකෝන් නැමැත්තාද සිටින බවට වාර්තා වේ. මෙම මිනීමැරුම කල තංගල්ල ප්‍රදේශීය සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ සමග මැර පිරිස හෝටලයට පැමිණ ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පියදාස රත්නායක වීරකෝන්ට අයත් වාහනයකිනි. මෙම පහර දීමට ඔහුද සම්බන්ද වූ බව සහ ඔහුද බීමතින් සිට බව සාක්ෂිකරුවෝ පවසා තිබේ. ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයෙකු වූ විසි හත් හැවිදිරි ෂේක් ඝාතනය කිරීමෙන් පසු පිරිස පලා ගිය අතර පියදාස රත්නායක වීරකෝන් පැදවූ වාහනය විතාරන්දෙනියේ දී අත් අඩංගුවට ගන්න ලදී.