තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ නිසා ලංකාවේ පටි රෝල්

| අමිල ගුණරත්න

නාමල් රාජපක්ෂගේ අතිජාත මිත්‍ර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්රපුෂ්ප විදානපතිරණ නම් මිනීමරුවා නිසා කෙළ වුයේ සංචාරක කර්මාන්තයට පමණක් නොවේ , ලංකාවේ ප්‍රතිරූපයටද ඉන් බරපතල ලෙස හානි සිදුවී තිබේ. මේ ගැටුම සියැසින් දුටු කැනේඩියානු ජාතික කාන්තාවක් ලංකාවේ මිනිසුන් මෘගයන් මෙන් කා කොටා ගත් බවත් නිරායුධ විදේශික සංචාරකයන්ටත් පහර දුන් බවත් පවසා ඇත. ඇය බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ඊවිනින් නිව්ස් ආයතනයට පැවසූ පරිදි දේශපාලන මැරයන් පුටු වලින් පවා බ්‍රිතාන්‍ය සංචාරකයාට පහර දී තිබේ. ඉන්පසු තුවක්කු වලින් වෙඩි තබා ඇත. මේ සිද්දිය දුටු තවත් විදේශ සංචාරකයෙකු වන ඔරායන් ෆෝස්ටර් ප්‍රකාශ කලේ මැරයන් කණ්ඩායම පහර දීම නිසා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් පළා යාමට තැත් කලත් ඔහුට බෝතල් කුඩු කර බෝතල් කටු වලින් ඇන තිබු නිසා ඔහු ටික දුරක් දිව ගොස් ඇද වැටුණු බවත්ය.

මෙම ස්ථානයේ සිටි ඩික්සි ක්ලේබට් පැවසුවේ මෙවැනි අන්දමේ බිහිසුණු සිදුවීමක් තමා වෙන කිසිම රටක අත් නොදුටු බවත් ලංකාවේ යනු ගිනි අවි පහසුවෙන් හැසිරවිය හැකි රටක් බව කලින් දැනගත්තේ නම් තමා මෙම රටට කවදාවත් පය නොතබන බවත්ය. මුලින් මෙය මංකොල්ල කණ්ඩායමක් කල පහර දීමක් බව සිතුවත් පසුව ලංකාවේ දේශපාලකයෙක් විසින් කල මිනීමැරුමක් බව දැනගත් පසු ලංකාවේ සංචාරය කිරීම භයානක බව සලකා සංචාරය අවලංගු කොට පණ බේරාගෙන පළා ආ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ. මෙම හෝටලයේ සිටි ජර්මානු විදේශික සංචාරකයෙක් පවසා තිබෙන්නේ ලංකාව යනු සෝමාලියාව වැනි අරාජික රටක් බවත් දේශපාලකයන් හිතුණු හිතුනු විට ප්‍රසිද්ධ ස්ථාන වල පවා මිනි මරණ බවත්ය. තරු හෝටලයකදී විදේශික කාන්තාවක් දුෂණය වීම නිසා බොහෝ තානාපති කාර්යාල විසින් කාන්තාවන් සඳහා ලංකාවේදී අනුගමනය කල යුතු ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ඇතුලත් පත්‍රිකා පවා බෙදා දීම අරඹා ඇත. මේ නිසා ලංකාව යනු ලිංගික අසහනකාරයන්ගේ දේශයක් බවට නොනිල වශයෙන් පත් වී තිබේ.

සම්පත් චන්ද්රපුෂ්ප විදානපතිරණ විසින් විදේශිකයෙකු කෘර ලෙස මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කිරීම ගැන විදේශිකයන් බොහෝ දෙනෙකු ග්‍රී ලංකාව පිළිබඳව ඉතා පහත් ආකාරයට අදහස් දක්වා තිබේ. මේ ප්‍රතිචාර නිසා ලංකාව යනු ගෝත්‍රික මිනීකන්නන් ගේ දේශයක් බවට අදහස් පැතිර යමින් පවතී.