අපකීර්තිමත් ආඥාදයකයකුට උල්පන්දම්දීම ගැන "කොකා කොලා" බැනුම් අසයි.

හර්ෂි සි. පෙරේරා

කොකා කොලා මෙසේ බැනුම් අසන්නේ අප්‍රිකාවේ ඉතා බරපතල අපකීර්තියක් සදහා ප්‍රසිද්දියක් උසුලන ආඥාදයකයකුට රුකුල් දීම ගැනයි. ඒ ස්වාසිලන්ඩ් හි පරම රජු මස්වාටි 111 යි. හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයේ කොකා කොලා මුලස්ථානය වූ ඇට්ලන්ටා වෙත යාම් ඒම් කරයි. ඔහු මානව හිමිකම් උල්ලංගනය කිරීම් වලට සහ ජාතික දනය මංකොල්ලකෑමට වගකිවයුතු බවට සුවාසී දේශපාලන ක්‍රියාදරයින් දෝෂාරෝපණය කරති. ඔවුන්ගේ අදහස කොකා කොලා සමාගම සුවාසිහි වැරදි පුද්ගලයින් සමග ගනුදෙනු කරන බවයි.