ඉන්දියාව;- අස්වැන්න රැක ගැනීමට 07 හැවිරිදි දැරිය බිලිදීම.

හර්ෂි සි. පෙරේරා

මෙය සිදුවන්නේ ඉන්දියාවේ චටිස්ගා ප්‍රාන්තයේය. ගෝත්‍රික බිලිපුජාවක් සදහා මෙසේ 07 හැවිරිදි දැරිය මරා දැමීමට පවුලේ අය සම්බන්දද යන්න සොයා බැලීමට ඉන්දීය පොලිසිය මේවනවිට පරීක්ෂණ ආරම්බ කර තිබේ. ලලිට ටන්ටි නම් දැරිය පැහැරගෙන යන ලද්දේ ඔක්තෝබර් 21 වැනිදාය. ඒ ඇය පාසලේදී සිටයදී වන අතර ඉන් දින දෙකකට පසුව ඇගේ කුණුවූ මළසිරුර කැලයක තිබියදී සොයා ගනු ලැබිණි. මේ පිලිබදව ඇගේ ඥාතීන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත. ඇයව බිලි පුජාවට ගෙන ඇත්තේ අස්වැන්නට හානිවීම වලක්වා ගනු පිණිසයි.