හිරේගිය හිරගෙදර සහ නිවුස් 88/89


හර්ෂි සි. පෙරේරා

2012 නිවුස් ෆස්ට්

වැලිකඩ හිරගෙදර සිට මාතර නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් කෑ බව කියන කල්ලියකට අයත් හය දෙනෙක් මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන අටවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. බන්ධනාගාර සුබ සාධක නිලධාරින් වන රණාලේ සම්පත් ලොකු ගම්හේවා, අඹේපුස්ස දේමුණි නිශාන්ත ද සිල්වා, කොළඹ මොහොමඞ් පවුස් මොහොමඞ් අෂ්රප්ල, ඔහුගේ බිරිය පාතිමා රිෂ්නා හමීඞ්, ඔරුගොඩවත්තේ එම් මහින්දරන් හා රාමනාදන් විජේචන්ද්‍ර ඔවුහුය.

නිවුස් 88/89

සල්ලි ඇතොත්
හිරගෙදරත් රජගෙදරය.

ආර්පිකෝ කුෂන් මෙට්ට
සිතල පොළවම කවි සිතුවිලි පමණි.

හාල්මැස්සන් නොව
දඩමස් යහමින් වාට්ටුවේ පාටි මගින්.

කෝවිල් වාට්ටුවෙන්
සුපිරි වාට්ටුවට.

මෝඩයින් සිටින රටේ
හිරගෙය ජෝවුතිෂ විදුපියසකි.

31 ලිස්ට් ඇත්ත වුවත් බොරු වුවත්
දැන් වැඩක් නැත.

සුරියකන්ද, රද්දොළු ස්මාරක
පාදඩ සංස්කෘතියට අමතකය.

සහෝදර හිරුන්
අඩෝ ………..නොකී හැටි
………… සර් කිහැටි.

ඒලියට පැමිණි සර් වැසි වැසිලාය.

අනාගත නායකයින් 31 වැනසූ
ඇඹිලිපිටියත් අමන කේන්දර කොපියකි
නිතිය නොමැති රටේ.