පසුගිය වසරේ මෙරටින් ඒඩ්ස්‌ ආසාධිතයෝ 147 ක්‌ හමුවෙති

| ඒමන්ති මාරඹේ

පසුගිය වසර (2011) තුළදී මෙරටින් එච් අයි වී /ඒඩ්ස්‌ ආසාධිතයන් 147 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පවසයි. මෙම සංඛ්‍යාව 2010 වසරේදී වාර්තා වූ එච් අයි වී/ඒඩ්ස්‌ ආසාධිතයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි බව එම වැඩසටහන පෙන්වා දෙයි.

මේ අනුව 1987 වසරේදී මෙරටින් ප්‍රථම එච් අයි වී/ ඒඩ්ස්‌ ආසාධිත පුද්ගලයා වාර්තාවීමෙන් පසු මේ දක්‌වා දිවයිනෙන් වාර්තා වී ඇති එම ආසාධිතයන්ගේ මුළු සංඛ්‍යාව 1576 දෙනකි.

ජනතාව එච් අයි වී/ ඒඩ්ස්‌ රෝගය පිළිබඳව දැනුවත් වීමත් සමගම අවදානම් සහිත හැසිරීම් රටාවන් පවතින වැඩි පිරිසක්‌ එම රෝග පරීක්‍ෂණ සඳහා යොමු වීම මත මෙසේ වැඩි එච් අයි වී ආසාධිතයන් පිරිසක්‌ සොයා ගැනීමට හැකි වී ඇතැයි වෛද්‍යවරු පවසති.