119 වෙත පමිනිලිකල පුද්ගලයාව අල්ලා පොලිස් කුඩුවට දමයි.



හර්ෂි සි. පෙරේරා

අජිත් වසන්ත 37 හැවිරිදි විවාහක තිදරු පියෙකි. පානදුර පල්ලිමුල්ලේ පදිංචි ඔහු වියාපරිකයෙකි.

2012.01.29 දින අලුයම 3 ට පමණ මේ සිද්දිය වේ. ඒ අජිත් මංගල සාදයකට සහබාගිවී ආපසු පැමිණ සිටියදීය. ඔහුගේ අසල්වැසි හංස යන අයගේ ගෙදර බුරුවා ගැසීම සිදු කරයි. එදිනද එම නිවසට බුරුවා ගැසීමට පැමිණි අයගේ ත්‍රිරෝද රථ අජිත්ගේ ගෙදර මිදුලේ නතර කර තිබිණි.

අජිත් කලේ ගෙදර උලුඅස්ස අසල සිට මගේ මිදුලේ වාහන නතර කරන්න එපයි හන්සට කීම පමණි. හංස වේගයෙන් පැමිණ අජිත්ට පහර දෙන්නට පටන් ගන්නා ලදී. හංස අජිත්ගේ සාක්කුවේ තිබුණු රුපියල් 11000 ක මුදලද පැහැර ගත්තේය. බියටපත් අජිත්ගේ බිරිද දරුවන්ද රැගෙන ඔහු සාදන අලුත් ගෙදරට ගියහ.

පසුව අජිත් 119 වෙත කතා කළේය. පැය 1/2 කට පමණ පසු පානදුර උතුර පොලිසියේ නිලදාරීන් තිදෙනෙක් පැමිණ අජිත්ට පොලිසියට යාමට කතා කළහ. එවිට අජිත් කිව්වේ 119 වෙත පැමිණිලි කලේ තමන් බවයි. නමුත් ඔහුව අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස් කුඩුවට දමන ලදී.

අජිත් තමාට පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බව පොලිස් නිලදාරියකුට කීවිට ඔහුව එලියට ගෙන පැමිණිල්ල සටහන් කර ගෙන ඇත. පැමිණිල්ලේ අංකය C I B 321/475-2012.01.29 වේ. එම නිලදාරියා අජිත්ට කියා ඇත්තේ ඔහුගේ බිරිද ඔහු ගෙදර රණ්ඩු කරන බවත් කරදරයි කියා දුරකථන ඇමතුමක් දුන් නිසා පොලිසියට ගෙනා බවයි.

අජිත්ගේ බිරිද පොලිසියට පැමිණ කියා සිටියේ තමන් එවැනි දුරකථන ඇමතුමක් ලබා නොදුන් බවය. ඇප දීමට පොලිසියේ ඉහල නිලදාරී නොසිටි බැවින් අජිත්ට 29 රාත්‍රී 7 වන තෙක් පොලිස් කුඩුවේ සිටීමට සිදුව ඇත.

පසුව ස්ථානාදිපති පැමිණ අජිත්ට සහ ඔහුගේ බිරිදට සවන්දී අජිත්ට ඇප ලබා දී තිබේ. ස්ථානාදිපති කියා ඇත්තේ ඒ අවස්ථාවේ අජිත්ව අත්අඩංගුවට ගත් පොලිස් නිලදාරියා පොලිස් ස්ථානයේ නොමැති බැවින් ඔහු ආවිට ප්‍රශ්න කරන බවයි.