සිරුරේ අවයව ගැලෙව්වේය යන්න මුසාවක්...සිදු වූයේ හොර මිනිහා සමඟ ගොස් පොලිසියට මට්ටු වීම


පසුගියදා දඹුල්ලේ ජීවත් වන එක්තරා කාන්තාව විසින් තමන්ගේ සිරුරේ අවයව ගැලවීමට යම් කිසි වෛද්‍යවරුන් පිරිසික් උත්සහ කල බව සඳහන් කරමින් මහත් ආන්දෝලනාත්මක පුවතක් නිර්මාණය කළේය. අදාළ පුවතට අනුව පිළිකා රෝගියකු වන ඇය ප්‍රතිකාර ගැනීමට නුවර පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලත් කොට ඇත. එහිදී එහි සිටි වෛද්‍යවරුන් ඇය ඉන්දියාවට ගෙන ගොස් නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බව ප්‍රකාශ කල පසු ඇය ඊට එකඟ වී ඇත. ඉන් පසු සිහිසුන් වීමට බීමට යමක් දී ඇය නාදුනන ස්ථානයකට රැගෙන ගොස් එහිදී ඇයගේ අවයව ඉවත් කිරීමට උත්සහ කළ බවයි. කෙසේ හෝ එතනින් පැනවිත් දඹුල්ලට ඒමට ඇයට හැකි වූ බව ඇය මාධ්‍යට ප්‍රකශ කළාය.

නමුත් ඒ ගැන මාස දෙකක පුර පරීක්ෂණ පැවැත් වූ පොලිසිය අදාළ කරණය පිටුපස ඇති සත්‍ය අවබෝධ කර ගත්තේය.

ඒ අනුව ඇය තමන්ගේ හොර පෙම්වතා සමඟ පොළොන්නරුවට ගොස් එක්තර හෝටලයක නැවතී සිට ඇත. එම හෝටලයේ ලැගුම් ගැනීමෙන් පසු එදිනම රාත්‍රියේ දඹුල්ල බලා ඒමට දෙදෙනා තීරණය කොට ඇත. මේ අතර වාරයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිසියදෙදෙනා හමු වී ඇති අතර ගියේ කොහේදැයි ඇසු විට දෙදෙනාම නිරුතත්ර වී ඇත. ඉන් පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත් විය. දින 14 ක් අත්අඩංගුවේ සිටි ඔවුන් දෙදෙනා පසුව නිදහස් විය .

පසුව තම නිවසට පැමිණි කාන්තාව තමන් දින 14 ක් පුරා සිටියේ කොහේදැයි යන කාරණයට පිළිතුරු දැක්වීම සඳහා අදාළ බොරුව නිර්මාණය කරනු ලැබුවාය.

අවසානයේදී එය රට පුරා මහත් ආන්දෝලනාත්මක පුවතක් වූ බැවින් පොලිසියට මෙම කාන්තාව යලිත් අත්අඩංගුවට ගැනීමට සිදු විය. ඉන් පසු යට මාස 06 ක් බරපතල වැඩසහිත සිරදඬුවමක් සහ වසර 25 ක අතරට වූ සිරදඬුවමක් අධිකරණය විසින් නියම කරනු ලැබුවේ බොරු කියා නොමග යැවීමට උත්සහ කිරීම හෙයිනි.