පිලිපීනය: ගුවන් අනතුරකින් 12 මරුට තවත් 290 කට තුවාල


l කිෂානි වැලිවිටිගොඩ 

අද පස්වරුවේ පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරකින් එහි ගමන් ගත 12 දෙනෙකු මිය ගිය අතර ඉන් තවත් 20 දෙනෙකුට තුවාල සිදු වූ බව වාර්තා වේ.

අනතුරින් ගුවන් නියමුවා, සහයක නියමුවා මෙන්ම එහි ගමන් ගත් ළමුන් ජීවිතක්ෂයට පත් වූ බව බලධාරීන් මාධ්‍යට ප්‍රකාශ කළේය.

මැනිලා ගුවන් තොටුපලේ නිලධාරීන්ට අනුව අදාළ ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කළ වහාම ගුවන් නියමුවා විසින් එහි ඇති ගැටලුව හදුනාගෙන යළිත් ගුවන් පථයට පැමිණීම සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කළ පසු ඒ සඳහා අවශ්‍ය ඉඩ සැකසු නමුත් ඊට මොහොතකට පෙර  ගුවන් යානය අනතුරට ලක් වූ බවත් සඳහන් වේ.