දෙසැම්බර් 10: ජගත් මානව හිමිකම් දිනය

| බැසිල් ප්‍රනාන්දු

නීතිය මත පාලනය

2011 මානව හිමිකම් දිනය සාකච්ඡා කරන විට අපට මුළු ලෝකේ පුරාම විවිධ ජනතාවන් මෙම දිනය සමරන අකාරය දැක ගත හැකිය. සමහර රටවල මානව හිමකම් දිනයක කියවෙන්නේ ඔහුන් අත්පත් කරගත් ජයග්‍රහණයන්ය. විවිධාකාරයෙන් මානව හිමකම් අපි සතුව ඇතැයි කියා ඔහුන් සතුටට පත් වෙති. නමුත් බොහොමයක් රටවල ජනතාවට මානව හිමිකම් දිනය මතක් වෙන්නේ තමන්ට නැති හිමිකම් සම්බන්ධයෙනුයි. එක ආකාරයකින් කණගාටුවකුත් අනෙක් ආකාරයෙන් අනාගතයේදී මෙම අයිතිවාසිකම් ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට මුහුණ දෙමින් ඔවුන් තමන්ගේ අධිෂ්ඨානය ගොඩ නගා ගත යුත්තේ මොන ආකාරයෙන්ද යන්න සාකච්ඡා කරනු ලබනවා.

මානව හිමිකම් වූ කලී

මෙම අවස්ථාවේදී මානව හිමිකම් යන්නෙහි අර්ථය මුලින්ම අවබෝධ කරගැනීම වැදගත් වේ. මුලින්ම යුරෝපය තුළ වර්ධනය වූ මෙම සංකල්පයට හේතු වූයේ 16 වන ශත වර්ෂය දක්වාම වැදගත් කමක් ඇති අය හෝ ගරු කටයුතු වලට සුදුසු යැයි සලකනු ලැබූ අය ප්‍රභූවරුන්ගේ කණඩායම් වලට අයිති වූවන් ලෙස සලකනු ලැබීමයි. රජතුමා විසින් විවිධ තානාන්තරයක් එසේ විශේෂ උදවියට ලබා දීමෙන් ඒ අය ඒ නිසා ගරු සැලකිල්ලට භාජනය විය යුතු යැයි සංකල්පයක් පැවතුනි. ඒ නිසා රටේ වැඩි සංඛ්‍යාවකට මානව ගරුත්වය කියා දෙයක් තිබුණේ නැත. රටේ බහුතරයක් යටහත් පහත් කණඩායමක් වූ අතර බොහොමයක් අයිතිවාසිකම් ප්‍රභූවරුන් සතු වූහ. මෙම අදහස වෙනස් වීමට විප්ලවයන් ගණනාවක් බලපෑවේය. මේ අතර ප්‍රංශ විප්ලවය ප්‍රධාන විය. එම විපලවයේදී ලෝකයේ මුල් වතාවට මානව හිමිකම් පිළිබඳව ප්‍රකාශනයක් එය මෙහය වූ විපලවදීන් විසින් ප්‍රකාශයට පත් කළහ. එහිදී පිළිගැනුණු ප්‍රධාන අදහස වූයේ , සියලුම මිනිසුන් උපතින්ම ගරුත්වයට සුදුසු කම් ලබන්නෝය,යන්නයි. ඉන් ගරුත්වය එක විශේෂ කණ්ඩායමකට පැවතියේය යන අදහස මුළුමනින්ම ඉවත් කොට සියලු දෙනාටම මනුෂ්‍යයින් ලෙස තමන්ට හිමි ගරුත්වයට හිමිකම් කිව යුතුය යන අදහස එහිදී ඉදිරිපත් විය. එනම් අපි මානව හිමිකම් දිනයේදී සමරන්නේ මෙම ගරුත්වයට සියලුම දෙනාටම එනම් පොදු වූ තත්වයක් හෙවත් කිසියම් විශේෂ කණ්ඩායමකට සුවිශේෂී නොවූ තත්වයක් පිළිබඳවය.

නීතිය මත පාලනය

එනම් මේ පිළිබඳව කතා කිරීමේදී අපි සැලකිය යුතුවන්නේ කුමන පදනමක් යටතේද මානව හිමිකම් හිමි වන්නේ යන්නයි. වර්තමාන ලෝකයේ මානව හිමිකම් ලබා ගැනීමට ඇත්තේ එකම එක පදනමක් පමණි. එම පදනම නම් නිතීය මත පාලනය යන පදනමයි. යම් රටක නිතීය මත පාලනය නැත්නම් එම රටේ කිසියම් හෝ මානව හිමකම් රැක ගැනීම සඳහා හැකියාවක් නොමැත. මෙහෙදී සැලකිය යුතු වන්නේ නිතීය මත පාලනය යන්නෙහි මුලික අදහස කුමක්ද යන්නයි. ඊට මුලික අදහස් තුනක් තිබේ. එනම් පළමුවැන්න, නිලයක් දරන ඕනෑම කෙනෙක් ( එනම් රජයේ හෝ පුද්ගලික අංශයක ) දැරිය යුත්තේ ඔහුට හෝ ඇයට නීතියෙන් දෙන බලතල තුළ පමණි. එසේම ඔහු/ ඇය එය ක්‍රියත්මක කළ යුත්තේ නීතියෙන් දෙන බලතල තුළ පමණි. දේශපාලනඥයින් වේවා, නිලධාරීන් වේවා, පොලිස් නිලධාරීන් වේවා, පරිපාලන නිලධාරීන් වේවා, ආදී වශයෙන් ඕනෑම නිලධාරියෙක් තම රාජකාරීය සිදු කරන්නේ නීතිය මඟින් තමන්ට ලබා දී ඇති බලතල ප්‍රකාරව බව ප්‍රකාශ කිරීමට හැකියාව තිබිය යුතුය. එම බලයේ සීමාවට යටත්ව එම ක්‍රියාව සිදු කරනු ලබන්නේය යන්න කීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුය. දෙවැනි කාරණය වන්නේ එසේ කටයුතු කිරීමේදී යුතුකම් මෙන්ම ලාභ ප්‍රයෝජන ඇති වීමයි. යම් කෙනෙක් ඔහුට/ඇයට හිමි රාජකාරිය සිදු කිරීමේදී ඔහුට හිමි අයිතිවාසිකම් රැසක් තිබේ. එසේම ඔහුට එය සිදු කිරීමේදී ලාභයක් හෙවත් ප්‍රයෝජනයක් තිබේ. තුන්වැනි කාරණය වන්නේ තමන්ට පැවරී ඇති බලතල අනුව කටයුතු කිරීමේදී ඒ පිළිබඳව ගැටලුවක් මතු වුව හොත් ඒවා නිරාකරණය කර ගත යුත්තේ අධිකරණයේදී පමණය යන අදහසය. ලෝකයේ ප්‍රකට නිතීවේදියෙක් මෙම කාරණා තුන මේ ආකාරයෙන් නිරවචනය කොට තිබේ, " පවතින මුලධර්මයන්ගේ හරය මෙසේය. යම් රාජ්‍යක් තුළ සිටින සියලුම පුද්ගලයින් සහ රජයේ සහ පුද්ගලික අංශයේද බලධාරීන් ප්‍රසිද්ධියේ නිර්මාණය කරන ලද නීති වලින් බැඳෙන අතර ඒවායින් ලැබෙන ඵල ප්‍රයෝජන වලට අයිතිවාසිකම් කියන අතර එම ඵල ප්‍රයෝජනය සාමානයෙන් ක්‍රියාත්මක වන්නේ අනාගතයේදීය. එම නීති ප්‍රසිද්ධියේ අධිකරණය මඟින් ක්‍රියාත්මක කළ යුතු වේ."

එම නිර්වචනය යටතේ ලංකාවේ මානව හිමිකම් පිළිබඳව පවතින ගැටලූ සාකච්චා කොට බලමු. උදාහරනයක් ලෙස යම් පොලිස් නිලධාරියෙක් හොරකමට සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා යම් අයෙකුට පහර දෙන්නේ යැයි සිතමු. එම අවස්ථාවේදී ඔහුට කිව හැකිද මම මේ පහර දෙනු ලබන්නේ මට අහවල් නිතී ප්‍රකාරව ලබා දී ඇති බලතල අනුව යැයි කියා. එහෙදී අපි පැහැදිලිවම දන්නවා එසේ බලයක් නීතියෙන් ලබා දී නොමැති බව සහ ලබා දෙන්නේද නැති බව. එය සකල නිතීයට පට හැනියි. එවිට පොලිස් නිලධාරීයා එම අවස්ථාවේදී නිතීය මත පාලනය මුළුමනින්ම අමතක කොට දමා ඇත. පොලිස් නිලධාරියෙක් යනු නිතීය ක්‍රියාත්මක කරවීමේ රාජකාරීය පැවරී ඇති නිලධාරියෙකි. තවත් උදාහරණයක් ගෙන බැලුවහොත්, යම් හමුදා නිලධාරියෙකු යම් කිසි තත්වයක් යටතේ ස්ත්‍රී දුෂණයක යෙදෙනවා යැයි සිතමු. එවිට අදාළ හමුදා නිලධාරියාට තමන්ට අහවල් නීතීන් ලබා දී ඇති නිතී ප්‍රකාරව තමන් ස්ත්‍රී දුෂණයේ යෙදෙන බව ප්‍රකාශ කළ හැකිද? එසේ කිව නොහැකිය. මන්ද එවැනි නිතීයක් නොමැත. එවිට එම හමුදා නිලධාරියාද නිරත වන්නේ නිතීය මත පාලනයට පටහැනි කටයුත්තකි. ඔහු නිතීය මත පාලනය ආරක්ෂා කරනු වෙනුවට ඔහු එය නැති කොට දමා ඇත. මෙය තව දුරටත් පැහැදිලි කර ගැනීම සඳහා උඩවලවේ ප්‍රදේශයේදී මෑතක සිදු වූ මිනි මැරීම ගත හැකිය. එහිදී එකම පවුලේ පියා, මව මෙන්ම වයස අවුරුදු 08 ක් සහ 14 වන ඔවුන්ගේ දුවට සහ පුතාට වෙඩි තබා මරා දමනු ලැබුහ. එය ලංකාවේ අඛණ්ඩව සිදුවන සිදුවීම් වීම ගණනාවක එක විශේෂ සුදු වීමකි. ඉන් ගම්‍ය වන්නේ රටේ අපරාධ මර්ධනය සඳහා ගෙන ඇති වැඩ පිළිවෙල වල පවතින දුර්වලතාවයන්ය. බොහෝමයක් රටවල් වල බොහෝ සෙයින් සාර්ථක කරගෙන ඇති නමුත් මෙරට තවමත් ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙලක් ගෙන නොමැත. ලංකාවේ වුවද 1960 ට පෙර එක්තරා සීමාවන් යටතේ වුවද මෙරට සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාත්මක විය. නමුත් 1970න් පසු එය ටිකෙන් ටික නැති වී ගොස් ඇත.

මානව හිමිකම් නැතිවීමේ හේතුව

මේ වනවිට මුලික ගැටලුව වී ඇත්තේ මහ ජනතාවට තමන්ගේ නිදහසේ සුරක්ෂිතව කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය පදනම, නිතීය කඩ නොකොට එය මත පිහිටා නිතීය ආරක්ෂා කරමින් කටයුතු සකස් කොට ඇත්තේ කවුද යන්නයි. එය මුලිකවම විධායක, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට පැවරී ඇති කාරණයකි. නමුත් රටක විශාල වශයෙන් අපරාධ සිදු වන්නේ නම් ඉන් පිළිබිඹු වන්නේ නිතීය මත ක්‍රියාත්මක කරවීමට රටේ විධායකයත්, අධිකරණයත් මෙන්ම ව්‍යවස්ථාදායකයත් ක්‍රියා කොට නැති බවයි. මේ අනුව බැලීමේදී අපි දකින දෙය තමයි රටේ විශාල ප්‍රමාණයෙන් අපරාධ සිදු වීම. සියගණන් මිනිසුන් බලයෙන් පැහැරගෙන ගොස් ඇති බවත් එසේ පැහැර ගෙන ගිය අයවලුන්ගෙන් විශාල ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවත් පසුගියදා වාර්තා විය. මිනිසුන් බලෙන් පැහැරගෙන යාම සහ අතුරුදන් කිරීම යන කාරණ දෙකේදී රජයට පැවරෙන යුතුකම් දෙකක් තිබේ. එකක් නම් මේවා නොවෙන්න වග බලා ගැනීම, බොහොමයක් රටවල ඇසීමට පවා නොහැකි දෙයක් වන මෙය එවැනි සිදුවීමක් සිදු වුවහොත් මුළු රාජ්‍ය තන්ත්‍රයම ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අවධානය යොමු කරනු ලබයි. නමුත් පැහැරගෙන යාම් සහ අතුරුදන් කරවීම සම්බන්ධයෙන් ලංකාවේ එවැනි කටයුතු සිදු කරන්නේ නැත. ඒ වෙනුවට රජයෙන් හෝ පොලිසියෙන් විමසුව හොත් කියනු ලබන්නේ ඔහුන් නොදන්නා බවයි. නමුත් නිත්‍ය මත පාලනය යටතේ එවැන්නක් කිඊමට ඒ කිසිවෙකුට අයිතියක් නැත. මට මුර කිරීමේ රාජකාරීය පැවරී අත්තේනම් මගේ රාජකාරි වෙලාවේදී කුමක් හෝ සිදු වුව හොත එය තමන් නොදන්නා බව කීමට මට කිසිම අයිතියක් නැත. එසේම රට මුර කිරීම කරය භාර වී ඇත්තේ පොලිසියටය. එය අධික්ෂය කිරීම විධායකයට පැවරී ඇති අතර ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම පාර්ලිමේන්තුවට පැවරී තිබේ. එසේම ඊට අවශ්‍ය මග පෙන්වීම අධිකරණයට පැවරී ඇත. එය සිදු වන්නේ නැත්නම් නිතීය මත පාලනය කිරීම සුදු වන්නේ නැත. වර්තමානය වන විට හොරුන් වැඩි වීමටත්, ලිංගික හිංසා වලට ගොදුරු වන්නන් වැඩි වීමටත් හේතුව මෙය වේ. පොලිසියට ගිය විට පැමිණිලි කරුවාට දඬුවම් දීමට හෝ මරා දැමීමට පොලිසිය පෙළඹී සිටියි. සෑම තැනින්ම අපට ඇසෙන බයංකාර අදෝනාවක් වන්නේ මෙම මුලික නිදහස අහිමි වීම පිළිබඳව වූ කටුක අත්දැකීමයි. ලංකාවේ මතු වී ඇති මහා පරිමාණ ගැටලුව වන්නේ මෙයයි.

විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ කාර්ය භාර්ය

මානව අයිතිවාසිකම් ලබා ගැනීම වූ කලී ලෙහෙසි පහසු කාරණයක් නොවේ. ඒ සඳහා සියල්ලටම වඩා උනන්දුවත්, කැපවීමත්, පරිත්‍යාග කිරීමත් කළ යුතු වන්නේ මහ ජනතාවමයි. එය නැතුව ගිය හොත් මුලික අයිතිවාසිකම් නැති වන්නේ මහජනතාවටමයි. ඒ නිසා මේ අකාරයෙන් නිතිය මත පාලනය නැති වී තිබීම ගැන සාකච්චාවට භාජනය කිරීමට සහ ඒවා ආරක්ෂා කර ගැනීමට තම සංවිධාන, දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව මාර්ගයෙන් සිදු කරගෙන පවතින තටහ්වය වෙනස් කර ගැනීමේ යුතුකමක් මෙන්ම වගකීමක ජනතාවට පැවරී තිබේ. නමුත් මීට ජනතාව ලබා දෙන පිළිතුර වන්නේ මෙයයි. එනම් අපට අදාළ අයිතිවාසිකම් ඇති බවත් ඒවා අහිමි වී ඇතිනම් ලබා ගැනීමට ගියහොත් තමන් අපහසුවට පත් වෙන බවයි. ඒහි ප්‍රතිඵලය ලෙස පහර දීමට, පැහැරගැනීමට මෙන්ම අතුරුදන් කිරීමට ලක් විය හැකිය. එසේම රැකියාව අහිමි වීමට , තම දරුවනට පාසල අහිමි වීම වැනි කාරණා වලටද මුහුණ දිය හැකිය. නිතීය රැකීමට ගියහොත් සිදුවන්නේ මෙවැනි ඉරණමකට ගොදුරු වීමටය යන පොදු අදහස අප සතුව තිබේ. මේ නිසා නිතීය රැකීමට අවශ්‍ය බව ඉල්ලා සිටීමට ඇති අයිතියත් අහිමි වී තිබීම අප මුහුණ දී සිටින අභියෝගය වේ. තමන්ගේ අයිතිවාසිකම් කඩවන්නේය යන්න ප්‍රකාශ කිරීම පවා විශාල ගැටලුවක් මතු කිරීමට හේතුවන කාරණයක් බවට කොට තිබේ. එවිට එම ගැටලුව විසඳා ගන්නේ කෙසේද?

කළ යුත්තේ කුමක්ද ?

විවිධ මිනිසුන් මෙම ගැටලු විසඳා ගැනීමට උත්සහ ගන්න බව අපි දකින්නෙමු. ඇතැමුන් නොයෙක් ගැටලු මධ්‍යයේ අධිකරණයට යති. නමුත් වැරදි කරන අයවලුන් නිදහස් වීමටත් වැරදි නොකළ අය දඬුවම් ලැබීමත් කුඩු වෙළඳාම් නොකළ අය දඬුවම් ලබා වෙළඳාම කරන අයට දේශපාලන රැකවරණය යටතේ රැකවරණය ලැබීමත් සිදු වන අකාරය අපට දැක ගත හැකිය. මේ යථාර්තය මධ්‍යයේ පවා ජනතාව මීට විරුද්ධව කටයුතු කිරීමේ වුමනාවක් තිබෙන බව එදිනෙදා සිදු කරන කතා බහෙන් හඳුනා ගත හැකිය. මේ නිසා මෙම තත්වයන් යටතේ ජනතාව තම අයිතීන් දිනා ගත යුත්තේ කෙසේද යන මුලික ප්‍රශ්නයට තල්ලු වෙමින් තිබේ. මේ ගැන විමසීම්දී ලෝකයේ වෙනත් රටවල නැති සුවිශේෂී කාරණයක් ලංකාවේ තිබේ. එය වූ කලී ලංකාවේ 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා නිතීයට ඉහලින් සිටින කෙනක් බවට පත් කර ගැනීමය. නිතීය මත පාලනය කිරීම යන්නෙහි ප්‍රධාන හරය වන්නේ සෑම දෙනාටම නිතීයක් යටතේ කටයුතු කිරීම යන්නයි. එනම් නිතීයට හෝ අධිකරණයට ඉහළින් කිසිවෙකුත් නැත යන්නයි. නමුත් ලංකාවේ එසේ නොවේ. එනම් ලංකාවේ විධායකය නීතියෙන් පිට පිහිටුවීමයි. ඔවුන්ට නිතීය ඉදිරියට ගෙන ඒමට නොහැකිය. ජනතාවට අයිතිවසිඅකම් රක ගැනීමට හැකි වන්නේ අයිතිවාසිකම් කඩන කෙනාව අධිකරණයට රැගෙන ඒමෙන් පමණි. අද ලංකාවේ පවතින මුලික ගැටලුව වන්නේ මෙයයි එනම් විධායකයෙන් සිදු කරන හෝ එහි අනුබල දීමෙන් සිදු කරන ක්‍රියා අධිකරණයට ගෙන ආ නොහැකිය.

අද දිනට උදා වී ඇති මානව හිමිකම් දිනය පිළිබඳව අපි කතා කරනු ලබන්නේ විශාල ගැටලු රාශියක් ජනතාව ඉදිරියේ තිබෙන කාලයකය. මෙම ගැටලු සාකච්ඡා කොට එකිනෙකාගේ සහභාගීත්වයෙන් මේවාට විසඳුම් ලබා ගන්නේ කෙසේද යන්න පවතින මුලික ගැටලුව බවට පත් වී තිබේ. මෙවැනි ගැටලු විසඳා ගැනීමට ගන්නා උත්සාහයන් වල ජනතාවට තමන්ගේ එකමුතු කම වැඩි කරගැනීමට හැකියාව ලැබේ. මේවා නොවිසඳෙන තාක් දුරට මිනිසුන් එකිනෙකාගෙන් වෙන් වී තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳා ගැනීම කෙරෙහි පෙළඹෙති. එනම් වර්තමානයේදී පවතින මුලික අභියෝගය නිතීය මත පාලනය ඇති කර ගැනීම මෙන්ම මානව හිමිකම් රැක ගැනීම සමන්ධයෙන් ගැඹුරු සාකච්ඡාක් ඔස්සේ ඒවා රැක ගැනීම සඳහා කටයුතු කිරීමයි. ඒ සඳහා ජනතාවගේ සාමූහික මැදිහත්වීමයි. 


ආසියානු මානව හිමිකම් කොමිසම
දෙසැම්බර් 10 වන දිනට යෙදී ඇති ජගත් මානව හිමිකම් දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයයි.