පශ්චාත්-නූතනවාදය ඉවරයි! පෙරටුගාමි පක්ෂය නිවේදනය කරයි

ඊයේ (20) හවස කොළඹ නිදහස් මාවතේ ජෙ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ අනූප නන්දුල සහෝදරයා විසින් රචිත පශ්චාත් නූතනවාදය දයලෙකතිකයක් ද? විරුද්ධාභ්‍යාසයක් ද? යන කෘතිය දොරට වැඩීම සිදු විය. මේ අවස්ථාවේ දී ප්‍රථමයෙන් සභාව ඇමතූ අනූප නන්දුල සහෝදරයා මෙම කෘතිය සම්පාදනය කරන්නට යෙදුන ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ලංකාවට එක්ස් කණ්ඩායම විසින් පශ්චාත් නූතනවාදය නැතිනම් පශ්චාත් නූතන තත්ත්වය සම්බන්ධයෙන් හදුන්වා දීමේ සිට මේ දක්වා ලාංකීය සමාජය තුල පශ්චාත් නූතන වාදය හා පශ්චාත් නූතන තත්ත්වය නිසා හට ගත් සියලු ගැටලු වලට පිළිතුරු මේ කෘතිය හරහා ලබා දෙනු ලැබ තිබෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මෙම කෘතිය හදුන්වා දීමේ දේශණය කරනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සමන් පුෂ්පකුමාර සිය දේශණය මගින් තම පක්ෂය විසින් ( කලින් x දේශපාලනය ) ලංකාවේ පශ්චාත් නූතන වාදය හා පශ්චාත් නූතන තත්ත්වය සම්බන්ධයෙන් ඇරුඹි දේශපාලන ව්‍යාපෘතිය බොහෝ අය වැරදියට තේරුම් ගනිමින් දාර්ශණිකයන් දේවත්වයට පත් කරමින් උත්කර්ශයට නංවන්නට ගත් උත්සහය හරහා ලංකාවේ සමාජයේ පශ්චාත් නූතන වෙනස් වීම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කරනු ලැබීය.

පශ්චාත් නූතන සමාජයක මහා ආඛ්‍යාන වෙනුවට චූල ආඛ්‍යාන ආදේශ වීම හරහා සමාජ දේශපාලන දේහයේ සිදු වන වෙනස් වීම් සම්බන්ධයෙන් හා එය ලෝක හා ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් බලපානූ ලැබූ ආකාරය සම්බන්ධයෙන් ද කරුණු අවධාරණය කරණු ලැබීය. පෙරටුගාම් පක්ෂයේ ජාතිවාදී හරණ දේශපාලන ව්‍යාපෘතිය විමල් වීරවංශලාගේ චම්පික රණවකලාගේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී දේශපාලනයෙන් වෙනස් වන ආකාරය සම්බන්ධයෙන් ද කරුණු දැක් විය. මේ වන විටත් පෙරටුගාමී පක්ෂය ( කලින් x දේශපාලනය ) විසින් මෙරටට හදුන්වා දුන් දාර්ශණිකයන්ට පේටන්ටි බලපත්‍ර ලබා ගන්නට උත්සහා කරණ විවිධ පාර්ශවයන් විසින් මේ වන විටත් රගපාම්න් සිටිනු ලබන පශ්චාත් නූතනවාදී විකට නාටකයන් සම්බන්ධයෙන් මනා ලෙස කරුණු පැහැදිලි කරණු ලැබීය. සමන් පුෂ්පකුමාර සිය දේශණය අවසන් කරණු ලැබුවේ ජිජැක් නම් දාර්ශණිකයාව සිසැක් යැයි නම් කරම්න් සිය ඔලගුවට දා ගැනීමට උත්සහා කරණ චමිපික රණවකගේ සිට කලින් x දේශපාලය හැර ගොස් මේ වන විටත් ජන අරගල ව්‍යාපාරයේ න්‍යායාචාර්යවරුන් බවට පත්ව සිටින පශ්චාත් නූතනවාදීන් යැයි තමන් විසින් තමන්වම හදුන්වා දෙනු ලබන විවිධ පාර්ශවයන් නොදන්නා පශ්චාත් නූතනවාදය හා පශ්චාත් නූතන තත්ත්වය කුමක් ද යන්න සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරමිනි.

අනතුරුව සභාව ඇමතූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගූණරත්න සිය දේශණය ආරම්භ කරම්න් පැවසූවේ මේ වන විටත් සමහර මහාචාර්යවරුන් කලින් x දේශපානය හැර ගොස් සිටින ඇතැම් උදවිය සිය වාහන වල නංනවා ගෙන යමින් උත්සහා කරන්නේ තමන් නොවිදි මේ උදවිය x දේශපාලනය හා දීප්ති හරහා විදි විනෝදය කුමක්ද යන්න සොයමින් සිටින බවයි. පශ්චාත් නූතනවාදය හා පශ්චාත් නූතන තත්ත්වය වැරදියට තේරුම් ගත් බොහෝ උදවිය දේශපාලනයට කිසිදු අදාලත්වයක් නැති විදේශිය පොත් පත් පරිවර්තනය කරමින් මේ දවස් වල පශ්චාත් නූතනවාදීන් වන්නට උත්සහා කරණ ආකාරය පැහැදිලි කරණු ලැබීය. මේ පශ්චාත් නූතනවාදී පරිවර්තන නඩගමේ ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ උපුල් සාන්ත සන්නස්ගල හා ඔවුගේ සංහිද ප්‍රකාශණ ආයතනයයි.

මේ වන විටත් දේශපාලනය වෙනුවෙන් හා දෙමළ ජනතාව වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදාම්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපාරය ගමන් කරමින් සිටින මාර්ගය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නට වෙනත් කිසිදු උදාහරණයක් අවශ්‍ය නොවන්නේ ඒ සදහා එක් උදාහරණයක් සෑහෙන බැවිනි. දැවැන්ත වෙිදිකා තනා මහා ජනකායක් අමතන දේශපාලන රැස්වීමේ දෙවන පෙළ අසුනේ සිටි පුද්ගලයන් පමණක් ඒ සදහා උදාහරණයට ගත හැකිය. ව්‍යාපාරය මේ වන විටත් තමන්ට නව දොරක් නොව දොරවල් පනහක් පමණ ඇති බවට පවසමින් තමන් සමග දේශපාලනය කරන්නට සංවාද කරන්නට ඕනෑම අයෙකුට හැකි බවට බවසා සිටියත් මේ වන තුරු මේ ව්‍යාපාරයට ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂ සමග සංවාද කරන්නට මග හැරුණේ කෙසේද යන්න ප්‍රශ්ණ කර සිටියේය. මේ අවස්ථාවේ දී තමන් ව්‍යාපාරයේ උදවියට පුලුවන් නම් පෙරටුගාම් පක්ෂය සමග දේශපාලන සංවාදයකට එන්න යැයි විවෘත අභියෝගයක් කරණු ලැබීය.

මේ වන විටත් තමන් විසින් ගොඩ නැගූ දේශපාලනය වටා ලංකාවේ දේශපාලනය භ්‍රමණය වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් මේ යුගයේ පංති අරගලයේ ස්වභාවය නිවරදිව අවබෝධ කර ගන්නට යමෙකුට අවශ්‍ය නම් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලය නිවරදිව අධ්‍යනය කර බලන්න යැයි ද පැවසීය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ උර දී සිටින්නේ පංති අරගය වෙනුවෙන් වූ දේශපානයකට බව තහවුරු කරමින් ඔහු සිය දේශණයේ දී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරණු ලැබීය.

මෙම රැස්වීමේ වැඩ කටයුතු අවසන් කරමින් මේ දේශණය හා සම්මණ්ත්‍රණයට සහභාගී වූ සියලු දෙනාට සිය විප්ලවීය ආචාරය පිරිනැමූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සමන් පුෂ්ප කුමාර ලංකාවට පශ්චාත් නූතනවාදය හා පශ්චාත් නූතන තත්ත්වය සම්බන්ධයෙන් හදුන්වා දුන් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ( කලින් x දේශපාලනය ) මෙතැන් පටන් පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් සිය කතිකාව නිමා කරණ බවත් අද පටන් සිය පංති අරගලය උදෙසා වූ දේශපානය වෙනුවෙන් පශ්චාත් නූතනවාදය නම් වන මේ වන විටත් ලංකාව තුල විකාරයක් බවට පත්ව තිබෙන සංකල්පය යළි භාවිතා නොකරණ බවට සහතික කරණු ලැබීය. මේ නිසා ඉදිරියේ දී ඕනෑ අයෙකුට ඕනැම පශ්චාත් නූතනවාදී නාඩගමක් නටන්නට අවසර තිබේ. (.මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ තුල සිට්මින්ම ව්‍යාපාරයක් හදන්නට උත්සහා කරණ පාර්ශවය යනු එදා උතුරේ අරගලය මර්දනය කරන්නට යුද්ධය හැර වෙනත් විකල්පයක් නැතැයි කියමින් යුද්ධයට හුරේ දැමූ පාර්ශවයන්ම වන අතර හතලිස් දහසක් මරා දමමින් දෙමළ ජාතික අරගලය මර්ධනය කර දමනු ලැබීමේ ප්‍රීතියට සංකේතීය මිනී මස් හෙවත් කිරිබත් කන්නට ඉදිරිපත් වූයේ ද මේ ව්‍යාපාරයට සම්බන්ධ අයමය. නමුත් අද වනතුරුත් ඔවුන් විසින් තමන් ජාතිවාදයයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ බවට නිළ වශයෙන් කිසිදු ප්‍රකාශයක් කරන්නට සමත්ව නැත.) මේ අර්ථයෙන් තමන් විසින් අතීතයේ හදුන්වා දුන ව්‍යපෘතියෙන් තමන් නිළ වශයෙන් ඉවත් වූ බවට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සමන් පුෂ්පකුමාර විසින් නිවේදනය කිරීම හරහා සිය දේශපාලනයේ පැහැදිලි දිශානතිය සනිටුහන් කරන්නට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය සමත් විය. වසර පහලොවකට අධික කාලයක් තමන් විසින් ලංකාවේ දේශපානය උදෙසා කළ මැදිහත් වීම අඛණ්ඩවන අතර මේ මුලු කාලය පුරාම එකම මතවාදයක රැදෙමින් පංති අරගලය උදෙසා තමන් දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වීය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ සිය දේශපානය අඛන්ඩව ඉදිරියටත් පවත්වා ගෙන යනු ලබන අතර දැන් තමන් පශ්චාත් නූතනවාදීන් යැයි තමන් විසින්ම තමන්වම හදුන්වා ගන්නා දේශපාලන න්‍යායාචාර්යවරුන්ට, සංගීතකාරයන්ට, සිංහල ගුරුවරුන්ට, නිර්මාණශීලි ලේඛකයන්ට, චිත්‍ර ශිල්පීන්ට, කඩලකාරයන්ට, කොත්තු ගසන්නට ඇතුලු ඕනෑම පශ්චාත් නූතනවාදී බහුරූ කෝලම් කාරයන්ට පශ්චාත් නූතනවාදී නීල ජලයේ ගීලී නාන්නට පුලුවන.

මෙම සටහන අවසන් කරන්නට අනුප නන්දුලගේ පශ්චාත්-නූතනත්වය කෘතියේ පසු සටහන යොදා ගන්නට අප අදහස් කලෙමු.

නර්තනය සඳහා ඕනෑතරම් රෝස මල් තොරා ගැනීමට

ධනවාදය තුළ ඇති පරම දෘෂ්ඨිය

එනම් ප්‍රජාතන්ත්‍රවාදය-තුල ඔබට ඕනෑතරම් නිදහස ඇති මුත්

ධනවාදයේ අවසාන කාර්තුවේ ‛ රහස’ ඔබට ඉදිරිපත් වන්නේ රත්මලානෙනි.

හෝර්ටන් කන්ද පාමුල ප්‍රේම ඵලකයක් තැබීමෙන් ජාතිය ඉදිරියේ විකට නාටකයක් වූ අප වසර පහළොවකට පසුවත් දේශපාලනිකව ජීවමානය.

අප සම්බන්ධයෙන් ඇචිලස් යෝධයාගේ විලුඹ රූපකය අදාළ නැත.

සෑම අසාර්ථක වීමක්ම චණ්ඩ මාරුතයක් වැනි සිනහවක් ජනිත කළත් ලංකාවේ ප්‍රථම නාගරික විප්ලවාදී වාදී ව්‍යාපරය වන අපව පරාජය කිරීම පහසු නැත.

‛ඉන්දීය සාගරයේ පතුලේ ඇති මුතු ඇටයක හඬ’

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය