විනිසුරුවරිය නිදහස් කරන්න; හියුගෝ චාවේස්ට ආයාචනයක් !


හර්ෂි සි. පෙරේරා

වාග් විද්‍යා මහාචාර්ය නොම් චොම්ස්කි වෙනිසියුලානු ජනාදිපති හියුගෝ චාවේස්ට විවුර්ත ලිපියක් යවමින් මානුෂිය හේතුන් මත නිවාස අඩස්සියේ සිටින විනිසුරුවරිය නිදහස් කරන්නයි ආයාචනය කර සිටි. මරියා ලෝඩ්ස් අෆිනුට එරෙහි සිදුකල අයුක්තිය නිවැරදි කරන්නයි මෙම ලිපිය මගින් වැඩි දුරටත් ඉල්ලා සිටි. ඇයව මිට වසර දෙකකට පෙර සිරගත කරන ලද්දේ මානව හිමිකම් ක්රියදරයින්ගේ සහ විද්වතුන්ගෙන් එල්ලවන විවේචන ප්‍රවර්දනය කිරීම හේතුවෙනි. 48 හැවිරිදි විනිසුරුවරිය 2009 දෙසැම්බර් සිට සිරගතව සිටින අතර මේවනවිට අගනුවර වූ කරකස්හි නිවාස අඩස්සියේ පසුවේ. මෙම විනිසුරුවරිය පිළිකා රෝගයෙන් පෙලෙන අතර සිරගතව සිටියදීත් ප්‍රතිකාර ලබා ගෙන ඇත.