පදනම් ආයතනයත් බිල්ලට

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ශ්‍රී ලංකා පදනම් ආයතනය සමග ලංකා රුපවාහිනී අභ්‍යාස ආයතන හා එහි ඇති සම්බන්ධය වහාම ඉවත්කර ගන්නා ලෙස ඉහලින් නියෝග දී ඇත.මෙයට හේතු දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රුපවාහිනී ආයතනයේ දැන් පවතින ඉඩ මදි වීම බව පවසමිනි. ශ්‍රී ලංකා රුපවාහිනී අභ්‍යාස ආයතනය මෙරට රුපවාහිනී පුහුණු ආයතන අතුරින් පැරණිම හා රජයට හිමි එකම ආයතනයයි. මේ වන විට සිටින බොහෝ රුපවාහිනී මාධ්‍ය ජනමාධ්‍යවේදීන් මෙමම ආයතනයෙන් පුහුණුව ලැබූ අය වෙති.

විදෙස් රටවල අති විශාල මුදල් ගෙවා රුපවාහිනී තාක්ෂනය ඉගෙන ගන්නවා වෙනුවට මෙරටින් අඩු මුදලකට එම දැනුම ලබාගන්න මෙම ආයතනය පිහිටුවා ඇත.නමුත් අවාසනාවකට මෙම ආයතනය සතු වටිනා උපකරණ සමග මෙම ගොඩනැගිල්ල වහාම බාරදෙන ලෙස ඉහලින් නියෝග කර ඇත. ඒ ශ්‍රී ලංකා රුපවාහිනියට මෙම ගොඩ නැගිල්ල භාර දෙන ලෙස අවදාරණය කරමිනි. නමුත් යථාර්තය නම් මෙම ගොඩනැගිල්ල දැනට කාල්ටන් නම් පුද්ගලික නාලිකාවට අයිඋති කර ගැනීමට නියමිත බව සඳහන් වේ.