ලලිත් සහ මුරුගන් අතුරුදන් කිරීම

මානව හිමිකම් කෙන්ද්‍රය සහ කැෆේ සංවිධානයේ කනස්සල්ල

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනය නගරයේ උත්සවයක් සංවිධානය කරමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීම පිළිබ`ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ස`දහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) සංවිධානය සිය තිගැස්සම සහ කනස්සල්ල පළ කරයි. දැඩි ආරක‍ෂක මුරකාවල් සහිත යාපනයේ දී සිදුවූ මෙම අතුරුදන් කිරීමේ සිදුවීම් ජනතාව තුල බිය ඇති කිරීමට හේතු වී තිබේ.

ජන අරගල ව්‍යාපාරයේ ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගන් යන අය 2011 දෙසැම්බර් 09 දින සිට මෙලෙස අතුරුදන්ව ඇත. මෝටර් බයිසිකලයකින් මේ දෙදෙනා ගමන් කළ බව ජන අරගල ව්‍යපාරයේ කි්‍රයාකාරීන් පවසයි. මෙම දෙදෙනා සම`ග ඔවුන් ගමන් ගත් මෝටර් සයිකලය ද අතුරුදන්ව ඇත.

අතුරුදන්වීම් සහ උතුරු ප්‍රදේශයේ තවමත් රදවා සිටින පුද්ගලයින් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සිටම කටයුතු කළ සීමිත ක්‍රියාකාරීන් අතර ලලිත් කුමාර් වීරරාජු මහතා කැපී පෙනේ. තමන් විශ්වාස කළ දේශපාලන ව්‍යපාරයකට යාපනය දිස්ත්‍රික්කයේ දී නායකත්වය ලබා දෙන ඔහු ඉතාමත් සීමිත පහසුකම් යටතේ දැඩි කැපවීමකින් මානව හිමිකම් ෙක‍ෂ්ත්‍රයේ කටයුතු කළ තරුණයෙකි.

අතුරුදන්වීම් හා නිතිවිරෝධී ර`දවා ගැනීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ඔහුගේ දේශඤපාලන කි්‍රයාකාරකම් හේතුවෙන් අවස්ථා ගණනාවක දීම මෙයට පෙර ලලිත් වීරරාජු මහතා ට තර්ජන එල්ල විය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කිලිනොච්චි ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල යෙදෙමින් සිටිය දී ඔහු හමුදා අත්අඩංගුවට පත් විය. යාපනයේ දී ඔහුට හදුණානොගත් පිරිස් වෙතින් දිගින් දගටම බලපෑම් එල්ල වූවේය. ඔහුගේ දේශපාලන කටයුතු නවතා දමන ලෙස අවස්ථා ගණනාවක දී තර්ජන එල්ල වී තිබුණි.

ලලිත් වීරරාජු සහ කුගන් මුරුගන් ගේ අතුරුදන්වීම් පිළිබ`ද වහා පරික‍ෂණ පවත්වන ලෙස ත් ඔවුන් ර`දවාගෙන සිටින ස්ථාන අනාවරණය කර ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය ඉල්ලා සිටී.