ඉන්දියාව : ප්‍රවීන කාටූන් ශිල්පී මාරියෝ මිරැන්ඩා මෙලොවින් සමු ගනී.


l කිෂානි වැලිවිටිගොඩ 

ප්‍රවීන කාටූන් ශිල්පී මාරියෝ මිරැන්ඩා අද දින (11) පානජි නුවර සිට කිලෝ මීටර 35 ක් දුරින් පිහිටි ලිටෝලීම් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. ඔහු දීර්ඝ කාලයක සිට රෝගාතුරු වී සිටි ඇති අතර අද දින ඔහු නින්දේදීම මිය ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. 


1926 දී දාමන් හි උපත ලැබූ මාරියෝ මුම්බායි හි පිහිටි ශාන්ත සැවියර් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර ඉන්දියානු පරිපාලන සේවයට උනන්දුවක් දැක් වූ අතර වාරයේදී ගෘහ නිර්මාණ ශිල්පය හදාරා තිබේ. ඉන් පසුව ඔහු කාටූන් නිර්මාණය සඳහා යොමු වී තිබේ. මිය යන විට ඔහු 85 වැනි වියේ පසු විය.

බොහොමයක් ප්‍රමුඛ පෙලේ ප්‍රකාශන වලට කාටූන් නිර්මාණයෙන් මාරියෝ තම දායකත්වය දක්වා ඇති අතරම "ගෝවේ ජීවිත" පිලිබඳ ඔහු නිරන්තරයෙන්ම කාටූන් නිර්මාණය කර තිබේ. ඔහු කළ විශිෂ්ට සේවාව ඇගයීමකට ලක් කරමින් 1988 වර්ෂයේදී "පද්ම ශ්‍රී"සහ 2002 වර්ෂයේදී "පද්ම භූෂණ" සම්මානයෙන්ද පිදුම් ලැබිය.