ඊජිප්තු විරෝදතා වලට සහබාගි වන කාන්තාවන්ගේ කන්‍යාබාවය පිරික්සීම නිතිවිරෝදියි.


හර්ෂි සි. පෙරේරා

අගහරුවාදා ඊජිප්තුවේ කාන්තා රැදවියන්ගේ කන්‍යාබවය බලහත්කාරයෙන් පරික්ෂාකිරීම නීතිවිරෝදී කෙරිණි. එය සිදුවුයේ එය අවසන් කරන ලෙස අදිකරණ නියෝගයක් ලැබීම නිසාය. විනිසුරු තීරණය ඇසීමට සියගණන් ක්‍රියාකාරීන් කයිරෝ අදිකරණයට රැස්ව සිටියහ. තීන්දුව දුන්නේ අලි ෆකි විනිසුරුවරයාය. නඩුව පවරා තිබුනේ සමිරා ඉබ්‍රහිම්ය. ඇය මාර්තු 09 ටිහර් චතුරශ්‍රයේ විරෝදතා වලට සහබගිවිම නිසා අත්අඩංගුවට ගෙන කන්‍යා බාවය පිරික්සීමට ලක්වූ කාන්තාවන් 07 දෙනාගෙන් එක් අයෙක් වේ. විනිසුරු කිවේ හමුදා කදවුරු වල සිටින කාන්තාවන් සම්බන්දයෙන් හමුදාව මෙම පරීක්ෂණය නොකළ යුතු බවයි.