ඉන්දියාව : සිර භාරයේ සිටියදී මිය ගිය සංඛ්‍යාව 1500 ක් පමණ වේ.

l කිෂානි වැලිවිටිගොඩ 


 ඉන්දියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කර තිබෙන වාර්තාවකට අනුව ඉන්දියාවේදී 2010 වර්ෂයේදී සිර භාරයේ සහ පොලිස් අත් අඩංගුවේ සිටියදී මිය ගිය සංඛ්‍යාව 1500 කට වඩා වැඩි සංඛ්‍යාවක් බව වාර්තා වේ. බොහොමයක් මරණ සිදු වී තිබෙන්නේ උත්ත්තර ප්‍රදේශ් හි පිහිටි පොලිස් ස්ථාන වල සහ සිර මැදිරි තුලදී වධ හිංසා වලට ලක් විමෙන්ය. බිහාර් ප්‍රාන්තයේ මෙලෙස මිය ගිය සංඛ්‍යාව 136 ක් සහ මහාරාස්ට ප්‍රාන්තයේ දී මරණ 130 ක් වාර්තා වේ.

තවත් මරණ 22 ක් නව දිල්ලියෙන් වාර්තා වේ. මෙම මරණ 22 ස්වභාවය වන්නේ සිර භාරයේ සිටියදී රෝගාතුර වීම, පලා යාමට උත්සහ කිරීම, සිය දිවි නසාගැනීම සහ අනතුරු සිදු වීම.