ඉතාලියේ මිලානෝ ලංකාරාම විහාරයේ බෞද්ධ සංගමයට ජිම්කානා නිලධාරීන් පත්කරලා

සාමාජිකයන්ට තර්ජණය කර - පිට කොටුවේ පාතාලයෙන් ධම්මිකට හිමිට සහය දීලා

මිලානෝ නුවර ඇති විශාලතම පන්සල ලංකාරාම විහාරය වන අතර මාස ගනණාවක් තිස්සේ විසුරුවා ගැනීමට නොහැකිව තිබූ බෞද්ධ සංගමය පසුගිය ඔක්.16 වනදා දැඩි බලපෑමකින් පසුව විසිරුවා හැර ඇත.මීට හේතු වී ඇත්තේ විහාරාධිපති ඔලබොඩුවෙ ධම්මික හිමියන් එම නිලධාරීන් කිහිප දෙනෙකු සමග ,කැලණිය ප්‍රදේශයේ වයෝවෘද ධානපති උපාසක මහත්මයෙකු පූජාකරන ලද විශාල ඉඩමක් විකිනීමේ හා ඉතාමත් කුලුපගව ලංකාවට ඉතාලියේ සිට මුදල් වැඩම්මවීමේ ව්‍යපාරික කටයුතු වල නිරත වීම යැයි අප කල සොයා බැලීමකදී අනාවරණය විය.

පසුගිය ඔක් 16 වෙනිදා නව නිලධාරීන් පත් කර ගැනීම ව්‍යර්ථ කර ඇත්තේ මෙකී ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ බලපෑම හා මැදිහත් වීම නිසා බවද, 2009 වසරේ මැයි මාසයේ දීද මෙවැනිම ආන්දෝලනාත්මක සිදුවීමක් හැටියට හිටපු සභාපතිවරයා පන්නා දමා උක්ත ඉඩම් ගනු දෙනුවට සම්බන්ධ පුද්ගලයා පත් කර ගනීමට ඔලබොඩුවේ ධම්මික හිමියන් ප්‍රකශ කර ඇත්තේ සිංහල බෞද්ධයෙකු සභාපති කරගන්නා ලෙස මහා සභා වාරයේදී ජාතිවාදී අනුශාසනාවක් කරමින්යයි ද, හේතු වී අත්තේ සභාපති වරයා දමිළ සම්භවයක් ඇති මත්මයකු නිසා බව ද අනාවරණය විය.

කෙසේ වෙතත් යුද්ධය අවසාන වෙමින් පැවතුනු මෙම වකවානුවේ සාමයේ දෑත දිගුකරමින් සිටි මිලානෝ ලංකාරාම විහාරයේ ශ්‍රි ලංකා බෞද්ධ සංගමයේ සියලූම දෙනාගේ බලපෑම මත මෙම නිලධාරී මණ්ඩලයම දූෂිතයන් හටද අභියෝග නොකරමින් නැවත පත්වූයේ ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ ජාතිවාදී අනුශාසනාවට සාමාජිකයන් දක්වූ නොකැමත්ත බව පැවසේ. (ධම්මික හිමියන් සමග ජාවාරම් කරමින් පාලක මණ්ඩලය තුල මේ වන විට තිදෙනෙකු නියෝජනය කර ඇත.පාලක මණ්ඩලය පහලොස් දෙනෙකු ගෙන් සමන් විතය )
මෙවර සිඳු වූයේ කුමක්ද...?

නිතරඟයෙන් ලේකම් වරයා ප්‍රථමයෙන් පත් විය ,අකුරු ලිවීමේ හැකියාව හා භාෂා පිළිබඳ පාතාලයට ඇති හැකියාව කියාපාමින් විය හැකිය.
මීලඟට සභාපති තරඟය - නාම යෝජනා පහකි - ඡන්දයක උනුසුම අනිවාර්ය්‍ය වේ.

පළමු වැන්නා නවකයෙකි.

දෙවැන්නා හිටපු නිලධාරීයෙකි,(ධම්මික හිමියන්ගේ ජාවාරම් වලට හා ව්‍යවස්ථා විරෝධීව සංගමයේ ලියකියවිලි පරිහරණය කල අයෙකි.)

තෙවැන්නා හිටපු නිලධාරියෙකි,(මිලානෝ කලින් රැකියා කල ස්ථානයේ සේප්පුව කඩා මුදල් සොරකම් කර කලක් ලංකාවට පැනගොස් පසු කලක රෝම නගරයටද ,මෙවන විට මිලානෝ නගරයටද පැමිණ ඇති අතර ධම්මික හිමියන්ගේ ඉඩම් ජාවාරම් වලට හා ව්‍යවස්ථා විරෝධීව සංගමයේ ලියකියවිලි පරිහරණය කල අයෙකි.)

සිව් වැන්නා ද හිටපු නිලධාරී මහත්මයෙකි බරපතල චෝදනා නැත ,( දෙපැත්ත කා අත. )

පස් වැන්නා ද හිටපු නිලධාරී මහත්මයෙකි, චෝදනා නැත (බෞද්ධ සංගමය නිවැරදිමගට ගෙන ඒමට දැරූ උත්සහයන් හේතු කොට ගෙන ධම්මික හිමියන්ගේ හා වංචනිකයන්ගේ උදහසට ලක් වූයෙකි.)


හොඳ හොඳ සෙල්ලම් එලිවන ජාමෙට කිව්වලු

මුලින්ම පළමුවැනා හා සිව්වැනා ,බෞද්ධ සංගමය නිවැරදි මගට ගත හැක්කේ අත්දැකීම් බහුල පස්වැනි නාම යෝජනාව ඉදිරිපත් වූ මහත්මාට යයි පවසමින් තමාට සහය දීමට බලාපොරොත්තු වන සාමාජිකයන්ට පස් වැන්නාට සහය දෙන මෙන් ඉල්ලමින් ඡන්දයෙන් ඉල්ලා අස්වූ බව අනාවරණය විය.

දැන් සටනට තිදෙනෙකි , මින් දෙවැන්න හා තෙවැන්නා ඔලබොඩුවේ ධම්මික හිමියන් විසින් ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කල අයවලුන් වන අතර ඡන්දයකට යාම අනිවාර්ය්‍ය බැවින් අවාසි සහගත බව නිසා තෙවැන්නා දෙවැන්නාට අවස්ථාව දෙන මෙන් ඉල්ලමින් ඉල්ලා අස්වි ,දෙවන හා පස්වන නාම යෝජනා කරුවන් තරඟ බිමෙහි රඳවා ඇත.

වැඩේ බරෑරුම් බව දැනගත් ඔලබොඩුවෙ ධම්මික හිමියන් දානයට වැඩිමට අවශ්‍යබව පවසමින් කඩිමුඩියේ දෙදෙනෙකුද කැටුව ආවාසගෙට රිංගා ගෙන කුමන්ත්‍රණය කරමින් සිටි අතර තුරදී සාමාජිකයන් විසින් දෙවරක් ඡන්දය පවත්වා පස් වෙනුව නාම යෝජනා වූ මහතා සියයට අනූවක ( 90% ) ප්‍රතිශතයකින් ජයලැබීම සම්භන්ධයෙන් උරන වූ ඔලබොඩුවේ ධම්මික හිමියන් මැරයන් යොදවා කඩාකප්පල් කර සාමාජිකයන්ගේ ප්‍රජාත්න්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කරමින් තමාගේ නම් ලයිස්තුවක් පතාල සාමාජිකයන් අත එවමින් යොජනා සම්මතකර ගැනීමට උත්සහ දරා අති අතර පැය දෙකකට වැඩි වාද විවාද වලින් පසුව එකගතාවයකට එළඹිය හැකි විණ.

සිදු වූයේ මෙසේය

මෙහිදී ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ ප්‍රධාන ඉලක්කය වී අත්තේ සභාපති ,භාණ්ඬාගාරික ,උප භාණ්ඬාගාරික හා ප්‍රධාන සංවිධායක තනතුරු සඳහා බව පැහැදිලිව පෙනෙන කරුණකි.එම අවස්ථාවේදී ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ ඉලක්කයෙන් සඵල කරගත හැකිවී ඇත්තේ උප භාණ්ඩාගාරික තනතුර පමණක් හා කාරක සභාවට කිහිපදෙනෙකුත් උප සභාපති වරයකු පමණක් බව සොයා ගැනීමට හැකිවිය.(නම් ගම් විස්තර පසුව)

අපකල සොයා බැලීම් වලදී ඉරුදින සන්ධ්‍යාවේ පැමිණ සිටි පින්වතුන් කියා සිටියේ පසුගිය ඔක්.16 වනදා සමාජිකයන්ගේ නම් දහයකටම ඔලබොඩුවේ ධම්මික හිමියන් සභාපති තනතුරට පත් වනවාට අකමැති වූ බවත් සමාජිකයෙකු ධම්මික හිමියන් වෙත ,ඔබවහන්සේට මේ කිසිකෙනෙකු නොගලපෙන්නෙත් නම් ,මෙම සභාව මේ සාමාජිකයන්ට සකස් කර ගැනීමට බාධා කරන්නේත් ඔබ වහන්සේනම් ,මෙම බෞද්ධ සංගමය සාමාජිකයන්ගෙත් නම්,නොගැලපීම අත්තේ ඔබ වහන්සේගේ නොවන්නේද ? එසේ නම් ඔබවහන්සේ නැවත ලංකාව බලා වැඩම කරන ලෙස කල ඉල්ලීමකදී ,මාරයාගේ වෙස් ගත් ඔලබොඩුවේ ධම්මික හිමියන් තමුසෙ මොකෙක්ද මට යන්න කියන්න, බෙරිහන් දෙමින්, උන් අසුනෙන් නැගිට, අත දිගුකර කෑමොර දී ඇති බවද අනාවරණය විය. අවට පින්වතුන් මර්වින් සිල්වා,මර්වින් සිල්වා කියමින් ඔලොක්කුවට කියනු අපට ඇසිණ.

කෙසේ හෝ කිසිම බෞද්ධ සංගමයක අසන්නට නොලැබී අති ආකාරයට අවසානයේ 90% ක ඡන්දයෙන් පත්වූ මහත්මා ඉවත් කොට එක් අයකු නැගිට ලයිස්තුවක් යොජනාත්මකව ඉදිරිපත් කොට තව කෙනෙකු නැගිට එම යෝජනාව ස්ථිර කොට සම්මත කර තිබේ.

අනේ කාලේ වනේ වාසේ

පිං කැටයට පයින් ගසා, දැන්වීම් ඉරා දමා, මුන්ට මේව ඔන නැත ,කියා යලි නො එන්නට ලංකාවට වැඩමකල ඔබවහන්සේ යලි පැමිණියේ ඇයි.?

මෙහි ඇති මෙතරම් රස ගෙන දෙන, තළු මරන රහස කුමක්ද.?

සභාපති, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික ,සංවිධායක තමා නතු කර ගැනීමට ගියේ ඇයි..?


මිලානෝ හොරා පොලීසිය විසිනි.