ටිකිරි කොබ්බෑකඩුව ගේ තලිබාන් සිහිනය

| අමිල ගුණරත්න

තලිබාන් වාදයෙන් මත් වූ විට මිනිසුන්ට යථාර්තය වෙනුවට පෙනෙන්නේ ගොන් සිහින ය. මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි‍්‍රතාන්‍ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් මෙම සොහොන තිබීම නොසුදුසු බවත්, එය වෙනත් සුදුසු තැනක පිහිටවිය යුතු බවත් ආණ්ඩුකාරවරයා පවසයි. මහනුවර යනු යටිතල පහසුකම් තව දුරටත් වර්ධනය කළ යුතු නගරයකි. ජනතාවගේ දැවෙන ප්‍රශ්න වන අධ්‍යාපන , සෞක්‍යය , මහාමාර්ග රෝහල් පහසුකම් වලට මුල් තැන දෙනවා වෙනුවට තව මිලියන ගණනක් වියදම් කරමින් සුසාන භුමි ඉවත් කිරීමට මහනුවර නගර සභාව ඉදිරියේ ක්‍රියා කළහොත් ඊට පුදුම නොවිය යුතුය. ටිකිරි කොබ්බෑකඩුවගේ තලිබාන් සිහිනය අනුව ඉදිරි කාලයේ හන්තානේ ගෙවල්, හෝටල් පවා දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් තිබීම නුසුදුසු නිසා ඒවාද ගලවා පහත භුමි වළ ඉදි කළ යුතු බවට නියෝග එනු ඇත. පැරණි ජන කතාවක සඳහන් වන අන්ධ භක්තිය නිසා බිම ගොම ගා අවසන් කොට බුදු පිලිමයේද ගොම ගෑවේ ටිකිරි කොබ්බෑකඩුව වැනි මෝඩයෙකි. රටක සංවර්ධන සැලසුම් ජනතාවගේ අවශ්‍යතා ගැන ප්‍රමුඛත්වය පිළිබඳව අබමල් රේණුවකවත් දැනුමක් නැති මෙවැනි අමන දේශපාලකයන් සිටින්නේ ලංකාවේ සහ ඇෆ්ගනිස්ථානයේ පමණක් විය යුතුය.