මුද්දරගම ස්ත්‍රී දූෂකයා ගැන තව තොරතුරු හෙළි වේ

කෙහෙළිය රඹුක්වැල්ලගේ උපන් දිනයට ලිංගික ඇමක් ගිල්ලන්නත් සැලසුම් කරලා

| සමන්ත කෝනාර

1999 වසරේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියට මිනුවන්ගොඩ රෝහලේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇයට බලහත්කාරයෙන් කාම අපරාධයක් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි නැමැත්තාට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට කාන්තා සංවිධාන කීපයක් ඉදිරිපත් වී සිටයි. ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහගේ දුෂණයට ලක් වීම නිසා ප්‍රියදර්ශනී තරුණිය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස මහතා මගින් මීරිගම පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේදී ස්ත්‍රී දුෂකයා විසින් ග්‍රාම නිලධාරියාට සහ පොලිසියට බලපෑම් කොට පැමිණිල්ල ඉවත් කර ගන්න ලදි. මේ නිසා 1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය කිරීමෙන් දිවි නසා ගත්තාය . ඇයගේ මරණින් පසු මෙම අපරාධය සදාකාලිකව වසන් කිරීමට දූෂකයාට හැකි විය. වසර ගණනාවක් යට ගොස් තිබු මෙම අපරාධය කාන්තා පරියේෂණ කේන්ද්‍රයේ පී පතිරණගේ සහ කමලිනි විජේතිලක යන මහත්ම මහත්මීන්ගේ උත්සාහය නිසා යළි එලියට පැමිණ තිබේ. ස්ත්‍රී දූෂක ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහට විරුද්ධව කටයුතු කිරීමට කාන්තා සංවිධාන කීපයක් ඉදිරිපත් වී ඇති බව කාන්තා ශක්ති සංවිධානයේ ක්‍රියාකාරිනියක් ප්‍රකශ කළාය. මෙම පුද්ගලයා මිට වසර කීපයකට පෙර ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාල භූමියේදී වැඩිවියට පත් වූ සිසුවියකගේ පියයුරු මිරිකීම නිසා එම විදුහලේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කොට තිබුණු බවද වාර්තා වේ.

රාජකාරි වෙලාවේදී නිතරම බීමතින් පසුවන හා අස්වාභාවික ලිංගික ක්‍රියා සඳහා යොමුවී සිටින ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ නැමැති මෙම නිලධාරියා බොහෝ දෙපාර්තමේන්තු විසින් ප්‍රතික්ෂේප කරන ලද අයෙකි. ඔහු වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ සිටියදී සිදු කරන ලද මුල්‍ය වංචාවක් නිසා එවකට වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතාගේ පැමිණිලි කිරීම මත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා විසින් නින්දිත ලෙස පළවා හරින ලද පුද්ගලයෙකි. දැනට මොහු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා යටතේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) තනතුර දරයි. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ලකණු දා ගැනීමට පසු මොහු පසුගිය සැප්තැම්බර් 21 දින පැවති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ 57 වන උපන් දිනයට වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ලිංගික චිත්‍රපට අධ්‍යක්ෂනය කරන ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ මාර්ගයෙන් ටෙලි නාට්‍ය වලද රඟපා ඇති සුරූපිනියන් දෙදෙනෙක් කොළඹ 02 යූනියන් පෙදෙසේ ජයික් හිල්ටන්හි කාමරයක සුදානම් කොට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ලිංගික ඇමක් ගිල්ලිමේ සුදානමක් ද තිබු බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ නිලධාරියෙක් අපට හෙළි කළේය. වැඩි දුරටත් කරුණු හෙළි කළ මෙම නිලධාරියා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ චරිතයේ දුර්වලතා ගැන හොඳින් අවබෝධ කොට ගෙන සිටින ජේ ඩී සී ජයසිංහගේ වෑයම ලිංගික ඇම යොදාගෙන අමාත්‍යවරයා ග්‍රහණයට ගෙන ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් ඩබ් බී ගනේගල මහතාගෙන් පසු එම තනතුරට පත්වීමට බවද හෙළි කළේය. මේ නිසා දැනට වයස අවුරුදු 63 වන ඩබ් බී ගනේගල මහතාට තව දුරටත් සේවා දිගුවක් නොලැබිය හැකි බවද ඔහු වැඩි දුරටත් පවසයි.