සංචාරකයන් සිනහවකින් පිළිගනිමු

ප්‍රාදේශීය දේශපාලන මීහරකා බ්‍රිතාන්‍ය ස්ත්‍රී දුෂණයකට ගොස් සංචාරකයෙකු මරා දමයි.

| අමිල ගුණරත්න

ආසියාවේ ආශ්චර්යට යන ගමනේදී සංචාරක වියාපාරය ප්‍රවර්ධනය ගැන ආණ්ඩුව උදේ සවස කතා කරති. නමුත් දේශපාලන උණ සහ කාම උණ නිසා උමතුවට පත් වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැති මිනීමරුවා විසින් බ්‍රිතාන්‍ය පුරවැසියෙකුගේ පෙම්වතියට අතවර කිරීමට යාමෙන් හටගත් ආරවුල නිසා බ්‍රිතාන්‍ය සංචාරකයාට බෝතල් කටු වලින් ඇන වෙඩි තබා මරා දමා තිබේ. මෙම මිනිමරුමෙන් පසු තංගල්ල ප්‍රදේශයේ හෝටල් වල නවාගැන්ගෙන සිටින විදේශ සංචාරකයන් සිය සංචාර අවලංගු කර ආපසු සිය රටවල් යාම අරඹා ඇත. එසේම මේ හේතුවෙන් ලංකාවට පැමිණීමට සිටි බටහිර සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නවතා දමා ඇත. සම්පත් චන්ද්‍රපුෂ්ප මිනීමරුවා සහ ඔහුගේ දේශපාලන පහඳන් විසින් සිදු කරන ලද මෙම පහත් පෙලේ මිනීමැරුම යට ගැසීමේ මුල් පියවරවල් පොලිසිය විසින් දැනටමත් ගෙන තිබෙන අතර මිනීමරුවා නාමල් රාජපක්ෂගේ කිට්ටු හිතවතෙකු නිසා මෙම මිනීමරුමද ඇඩ්රස් නැති මිනීමැරුමක් වන බව නිරීක්ෂකයෝ පවසති. එසේම තව වසර දෙක තුනකින් විදේශීය කාන්තාවක් දුෂණය කිරීමට ගොස් ඇයගේ පෙම්වතා මරා දැමු අමන ජනතා පුත්‍ර සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නැමැති නින්දිත මිනීමරුවා පාර්ලිමේන්තුවටද යන බවට අනාවැකියක් අපි පළ කරමු. - (2011/12/27)