ලෝකයේ වයස්ගතම බල්ලා මිය යයි


ගිනිස් වාර්තා පොතට අනුව ජපානයේ ජීවත් වූ ලෝකයේ වයස්ගතම සුනඛයා වයස අවුරුදු 26 යි මාස අටක කාලයක් ආයු වළඳා මිය ගිය බව වාර්තා වේ. පුසුකේ නමැති එම සුනඛයාට ඇති වූ හදිසි රෝගී තත්වයක් නිසා මෙසේ මිය ගිය බව සුනඛයාගේ අයිතිකාරිය මාධ්‍යට ප්‍රකාශ කළේය. අදාළ සුනඛයා 1985 අප්‍රේල් 01 වැනිදා උපත ලැබීය.