වෙබ් අඩවි වාරණයට එරෙහි නඩුව, මූලික විභාගය අද (09 සිකුරාදා)

වෙබ් අඩවි වාරණයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මෙම මස 09දා (සිකුරාදා) එනම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් නිතීඥ ෙජ්. සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් මෙම මූලික අයිතිවාසිකම් නඩුව වෙනුවෙන් පෙනී සිටීමට නියමිත අතර මෙම නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විදේශ දූත මණ්ඩල සාමාජිකයන් ඇතුළුව භාෂණයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසි කණ්ඩායමක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.