මැර දේශපාලනය - ගමනක අවසානය

| අමිල ගුණරත්න

ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සිට ජාතික දේශපාලනය දක්වා ගිය බහුතර ජනතා පුත්‍රයන් මහජන දේපල හොරකම් කරනවාට අමතරව මිනී මරා තාවකාලිකව බන්ධනාගාර ගත වන දරුණු පෝරිසාදයන්ය. මානසික රෝහල් වල රඳවා තැබිය යුතු මෙවැනි දරුණු පර පීඩකයන්ට චන්දදායකයන් යැයි කියා ගන්නා හරක් විසින් කතිරය ගසා පාර්ලිමේන්තුවටද යවති. මෙසේ මහජන චන්දයෙන් ප්‍රාදේශීය සභාවට ගිය තංගල්ලේ සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නම් මිනීමරුවා බ්‍රිතාන්‍ය සංචාරකයෙකු මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණයද කොට තිබේ. මෙවැනි උන්මත්තකයන් ගේ ඇඟේ වැරදිලාවත් හැපුනොත් ඇඟේ හැපුණු පුද්ගලයට තුන් සරණේ පිහිටය. ප්‍රභාකරන්ගේ තුවක්කුවෙන් මිදුණු ජනතාව දැන් මේ උමතු පෝරිසාදයන් ගේ තුවක්කු , පිහි සහ බෝතල් කටු වලට යටවී දුක් විඳිති. කොතරම් ජනතාව කපා කොටා මැරුවත් නාමල් බේබිලා එක ටැලිපෝන් කෝල් එකෙන් මිනිමරුවන්ව
බේරා ගන්නා නිසා උන්ට කිසිම බයක් නැත. ඒ නිසා උන් රිසි සේ මිනී මරති.

නමුත් මේ සියල්ලටම තිත තිබෙන දවසක් එන බව මේ මිනීමරු පෝරිසාදයන් සහ උන්ව රකින අනුග්‍රාහකයන් තේරුම් ගත යුතුය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී ඉන්දික චන්ද්‍රසිරි ගේ ඉරණම ගැන අද දිනමිණ පුවත් පතේ පළවී තිබේ. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී ඉන්දික චන්ද්‍රසිරි සන්නද්ධ පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ කෲර වධ හිංසා පමුණුවා අබිරහස්‌ අන්දමින් ඝාතනය කර සිරුර කොටදෙණියාව මාවුස්‌සා බෝක්‌කුව යට දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත. ඝාතනයට ලක්‌වූ ඉන්දික චන්ද්‍රසිරි 2004 වර්ෂයේ සිදු වූ මිනීමැරුමක ප්‍රධාන සැකකරුවකු වන බව පොලිසිය පවසයි. 2004 වර්ෂයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී දම්මවතී පෙරේරා නමැති කාන්තාවක්‌ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දික චන්ද්‍රසිරි ඇතුළු 5 දෙනකු එවකට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබිණි. පසුව මොහු ඇප මත මුදා හරිනු ලැබ අතර මීගමුව අධිකරණයේ එම නඩුව විභාග වෙමින් තිබිණි. දම්මවතී පෙරේරාගේ පුත්‍රයා සමඟ පැවැති ආරවුලක්‌ මත ඇය ඝාතනය කළ බවට ඉන්දික චන්ද්‍රසිරි වෙත චෝදනා එල්ල විය.

මේ අනුව ඉන්දික චන්ද්‍රසිරි තමන් වැවු දේ කපාගෙන තිබේ.

මෙසේ තමන් වැවු දේ කපා ගැනීමට සිදු වන බව උන්මත්තක මිනීමරු පෝරිසාදයන් සහ මැරයන් රකින අනුග්‍රාහකයන් අවබෝධ කළ ගත යුතුය. මේ බව අවබෝධ නොකරගත් බලගතු ගඩාෆි බල්ලෙකු මෙන් මහමග මිය ගියේ ඉවසීමේ සීමාව පැන්න මිනිසුන්ගෙන් පහර කෑමෙනි.