ඊජිප්තු පොලිසිය මානව හිමිකම් දඩයමේ.


හර්ෂි සි. පෙරේරා

කයිරෝ මුලස්ථානය කරගෙන පිහිටි මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ කණ්ඩායම් වැටලීම එරට ආරක්ෂක අංශ විසින් ආරම්බ කර තිබේ. හිටපු රාජ්‍ය ලේකම් මැඩ්ලින් අල්බ්‍රිට් විසින් ආරම්බ කල එක්සත් ජනපද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සහ ජාත්‍යන්තර ජනරජ ආයතනය ඒ අතර වෙයි.

මෙම වැටලීම් වලදී පොලිසිය අදාල කාර්යමණ්ඩල කාර්යාලය තුල සිරකර තබා ගත් අතර ඔවුන්ට දුරකථන ඇමතුම් ගැනීමද තහනම් කරන ලදී. මෙම වැටලීම් වලට විහාල ගණනක් ඊජිප්තු සහ ජාත්‍යන්තර කණ්ඩායම් ඉල්ලක්කය විය. මෙය විදේශ ආදාර ලැබෙන සිවිල් සමාජ කණ්ඩායම් පුළුල්ව විමර්ශනය කිරීමේ එක අංගයක් පමණි.