ඉන්දියාව: කල්කටා හී රෝහලක ඇති වූ ගින්නෙන් මිය ගිය ගණන 73 ට නගී


l කිෂානි වැලිවිටිගොඩ
 
ඉන්දියාවේ කල්කටා හී පිහිටි රෝහලක ඇති වූ ගින්නෙන් මේ වනවිට ලැබී ඇති තොරතුරු වලට අනුව 73 දෙනෙකු මිය ගිය බව සඳහන් වේ. අද උදෑසන පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් මහල් පහකින් සමන්විත AMRI නමැති රෝහල තුල ගින්නක් හට ගත් අතර ඒ හේතුවෙන් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුල සිර වූහ. ගින්නත් සමග ඇති වූ අධික දුමාරය මෙසේ රෝගීන් සහ අනෙකුත් පුදගලියින් ඉන් බේරීමට ඇති ඉඩ අඩු කළ බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වා ඒජන්සි පුවත් සේවා වාර්තා කරයි.

එසේම අදාළ ගින්න හේතුවෙන් මිය ගිය අයගේ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව වාර්තා වේ. අදාළ රෝහලේ මෙවැනිම ගින්නක් 2008 දීද ඇති වූ අතර ඉන් විශාල පිරිසක් තුවාල ලැබූ නමුත් කිසිවෙකුත් මිය ගියේ නැත.