ඉරානය: බිම හෙලු ඇමෙරිකානු ඔත්තු යානාව ප්‍රදර්ශනය කරයි


l කිෂානි වැලිවිටිගොඩ

ඉරාන දේශ සීමාවට හොරෙන් ඇතුළු වී ඔත්තු බැලූ ඇමෙරිකානු නියමුවන් රහිත ද්‍රෝන් ප්‍රහාරක යානාව පිළිබඳව නිල පැමිණිල්ලක් එකසත් ජාතින් වෙතට යොමු කළ බව ඉරාන බලධාරීන් ඊයේ සඳහන් කළහ. දින කිහිපයකට පෙර ඇමෙරිකානු බලධාරීන් එවැනි යානයක් තමන් විසින් යොමු නොකළ බව ප්‍රකාශ කලද අදාළ යානාවේ රූප රාමු ඉරාන රුපවනි නාලිකාවක් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට ඉරානය ඊයේ කටයුතු කළේය.

මේ අතර ජනාධිපති ඔබාමා නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉරානයට න්‍යෂ්ඨික අවි තැනීම සඳහා කිසිම ආකාරයකින් අයිතියක් නැති බව සඳහන් කළේය.