කොළඹ ජල සැපයුමෙන් 48% ක් මංකොල්ල කයි

ජල ප්‍රවාහන මණ්ඩලය විසින් කොළඹට පමණක් සම්පාදනය කරන ජලයෙන් 48% ක ප්‍රමාණයක් සොරකම් කරන බවත් ඒ සඳහා අනවසරෙන් ජලය බැහැර වන තැන් 15000 ක් පමණ නල මාර්ග පද්දධියේ ඇති බවත් අදාළ මණ්ඩලය සඳහන් කරයි. එහි ප්‍රධානි කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කරන්නේ තවමත් ජලය බෙදා හරිනු ලබන්නේ 1970 සිට සවි කරනු ලැබූ නල පද්ධතිය ඔස්සේ බවයි. එසේම ලංකාව පුරා බෙදා හැරෙන ජලයෙන් 30 % ක පමණ ප්‍රමාණයකින් කිසිම අදායමක් මණ්ඩලයට නොලැබෙන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය 2010 වසරේදී මණ්ඩලය ලැබූ අදායම බිලියන 12.3 කි. එසේම 2012 නව නල මාර්ග පද්දතියක් සවි කිරීමට මණ්ඩලය බලාපොරොත්තු වේ.