වෙනිසියුලාව: තම රටට ඇතුළු වූ සබ්මැරීනය ඇමෙරිකානුවන්ගේ


පසුගිය නොවැම්බර් මාසයේදී තම රටේ පාලන කලාපයට ඇතුළු වූ සබ්මැරීනය එකසත් ජනපදයට අයත් එකක් බව වෙනිසියුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් ප්‍රකාශ කළේය.

අදාළ සබ්මැරීනය යැංකින්ට යත බවත් එහි කපිතාන් වරයාගේ නම පවා තමන් දන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය නාවුක නීති උල්ලංගනය කර ඇති බවට හෙතම චෝදනා කළේය.

මීට පෙර අදාළ සබ්මැරීනය ගැන ජනාධිපතිවරයා කියා සිටියේ න්‍යෂ්ටික බලය සහිත හදුනා නොගත් සබ්මැරීනයක් තම රටට ඇතුළු වීමට උත්සහ කළද තම නාවික හමුදාව විසින් එය පලවා හැරිය බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකාවට තෙල් සපයන ප්‍රධාන පෙලේ රටක් වන වෙනුසියුලාව එසේ දිනකට තෙල් බැරල් මිලියනයක් පමණ ඇමෙරිකාවට විකුණනු ලබයි.