EXCLUSIVE: නලින් ද සිල්වා සමග නිල්බලකාය කැලණියේ සිසුන්ට පහර දෙයි.


| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි

අද උදෑසන ( November 10, 2011 ) කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල සිදුවූ සිසුන් 6 ක් කිරිබත්ගොඩ රෝහලට ඇතළත් කොට ඇත. මෙම ගැටුමට හේතුව වී ඇත්තේ පසුගිය කාලසමය පුරා නලින්ද සිල්වා පීඨාධිපති වරයා ලෙස තමන්ගේ බලය පාවිච්චි කරමින් විශ්ව විද්‍යාල සිසුන් යොදාගනිමන් නාථදෙවියෙන්, සිංහල බෞද්ධජාතිවාදය මෙන්ම ආණ්ඩුවට හිතැති දේශපාලන මතවාදයක් බලෙන් විශ්ව විද්‍යාලය තුළ ස්ථාපනය කිරීමට උත්සහ කිරීමයි. එහිදී නාමල් රාජපක්ෂ ගේ නිල්බලකාය නැමති සංවිධානයේ සාමාජිකයන්ගේ සහයද නලින්ද සිල්වා විසින් ලබාගෙන ඇත.

එම මතවාදය විරුද්ධව පෙනීසිටි ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමක් විසින් එම අධිපතිවාදී බලෙන් විශව විද්‍යාලය තුළ ස්ථාපනය කිරීටම සහ සිසුන් මත පැටවීමට එරෙහිව තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේදී මෙම ගැටුම හටගෙන ඇත.

දේශපාලන අධිකාරියේ අනුහසින් පීඨාධිපතිධූරයේ කාල දිගුවක් ලබාගෙන සිටින නලින්ද සිල්වා කාලයක සිටම තමන්ගේ තනතුරේ බලය පාවිච්චිකරමින් විශ්වවිද්‍යාලය මත තම අධිපතත්‍ය පිහිටවීමේ දැඩි උත්සාහයක නිරත වෙයි. එයට ​එරෙහි වන සියල්ලන්ටම ඔහු ඉතිහාස පුරා සලකා ඇත්තේ මේ ආකාරයටමය.

මෙහිදී මතුවෙන අනෙක් ලක්ෂණය වන්නේ නිල්බලකා සාමාජිකයින් නාමල් රාපක්ෂගේ දේශපාලන හෙංචයියන් විශ්ව විද්‍යාලතුල හැසිරෙන ආකාරයයි.

ඉදිරියේදී ආණ්ඩුවට විරුද්ධ මතවාද මෙයටත් වඩා වැඩියෙන් මර්ධනයට ලක්වීමේ අවධානමක් පවතී.ඒ ගෝඨාභය රාජපක්ෂට අයත් ආරක්ෂක සේවයක් වෙත විශ්ව විද්‍යාල ආරක්ෂක සේවයට එක්කිරීම නිසාවෙනි.