| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි
පසුගිය 6 වැනි ඉරුදින කිලිනොච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේ සංගීත ගුරු උපදේශක කුරවීරසිංහම් ගෝකූලන් මහතා මානිප්පායි පොලීසියෙන් කියා පැමිණි පිරිසක් ප්‍රශ්ණකර පැය තුනකින් නැවත එවනවායි පවසා රැගෙන ගොස් ඇත.
නැවත පැයකින් ඔහු සමග පැමිණ යළිත් ඔහුව රැගෙන ගොස් ඇත. තවමත් ඔහුව නිදහස් කර නොමැති අතර මේ මොහොත වන විටිත් ඔහු වව්නියාව ත්රස්තවිමර්ශණ ඒකකය තුළ රදවාගෙන සිටී. ඔහුගේ බිරිද ට පොලීසිය විසින් පවසා ඇත්තේ තෙනෙක් හඳුනාගැනීම සඳහා මෙලෙස රඳවා ගෙන සිටින බව විටින් විට පවසන නමුත මේ වනතෙක් එම රඳවාගැනීමට කිසිඳු පැහැදිළි හේතුවක් දක්වා නොමැත.
මේ අතර ඔහුගේ බිරිද විසින් 11/8 වැනි දින ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලය වෙතද මේ පිළිබඳ පැමිණිලි කොට ඇත.
මෙම රදවා ගැනීමට විරෝධය පළකරමින් අද දින (10/11) ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් යුතුව පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කර සිටින්නේ මෙම රඳවාගැනීම නීතිවිරෝධී බවත්, ඔහුව නිදහස් කරන ලෙසත්ය.තවද විවිධ දුෂ්කරතා මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් කැපවූ ගුරු උපදේශකවරයෙක් මෙලෙස රදවා තබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් තම විරෝධය එම ලිපිය ඔස්සේ පළකර සිටී.
Post a Comment