වසර පහක් තුල රුපියල් මිලියන 5,930ක මහජන මුදල් ගිල දැමූ මිහින් ලංකා ගුවන් සමාගම එම කාලය තුලදී රුපියල් මිලියන 6,816ක අලාභයක්ද විද ඇත.
ජනාති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා ඊයේ (9) ලබාදුන් පිළිතුරකින් මේ බව හෙලි විය. මෙසේ දැවැන්ත අලාභයක් විදින එම සමාගමට මෙම වසරේදී තවත් රුපියල් මිලියන 1,700ක් ලබා දීමට අනුමත කර ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික තීරණයක් මත 2006 වසරේදී ආරම්භකරණ ලද මෙම ගුවන් සමාගමට වසරින් වසර යොදවන ලද මුදල පහත දැක්වෙයි. 2006 දී රුපියල් මිලයන 250ක්, 2007 දී රුපියල් මිලියන 500ක්, 2008 දී රුපියල් මිලියන 500ක්, 2009 දී රුපියල් මිලියන 3,000 සහ 2010 දී රුපියල් මිලියන 1,680ක් වශයෙනි.
එමෙන්ම මේ එක් එක් වසරවලදී සමාගම ලැබූ අලාභය පිළිවෙලින් 2006 දී රුපියල් මිලයන 195ක්, 2007 දී රුපියල් මිලියන 3,160, 2008 දී රුපියල් මිලියන 1,300ක්, 2009 දී රුපියල් මිලියන 1,221 සහ 2010 දී රුපියල් මිලියන 938ක් වශයෙනි.
මිහින් ලංකා සමාගම ආරම්භ කිරීමෙන් පසු එහි ඇතිවූ අති විශාල මූල්‍ය අර්බුදය නිසා 2008 වසරේදී තාවකාලිකව වසා දමන ලදී. පසුව එයට එල්ල වූ මහජන විරෝදයද නොතකා රුපියල් මිලියන 3000ක මහජන දනස්කන්දයක් බිලිදෙමින් නැවත ඇරඹීය. ඉන් පසුව බෞද්ධ මැතිමතුන් දඹදිව වන්දනාවේ ගෙන යාම මූලික ව්‍යාපාර ඉලක්කය කර ගත්තද ලැබූ අලාභය අතිවිශාල විය. මේ සියල්ලේ එකතුව වශයෙන් වසර 5ක් තුල රුපියල් මිලියන 5980ක අලාභය එයාර් ලංකා සමාගම පිට පැටවීම සදහා ගුවන් සමාගමන් දෙක ඒකාබද්ද කිරීමේ සූදානමක් තිබෙන බව හෙලිවේ.
Post a Comment