වෙබ් අඩවි තහමේ සුල මුල හෙළි වෙයි
පසුගිය සිකුරාදා සිට ලංකාවේ තවත් වෙබ් අඩවි පහක් ලංකාවේ පාඨකයින්ට තහනම් කොට ඇති බව මේ වන විට ජාත්‍යන්තර පුවතක් වී තිබේ. ලංකාවේ තත්වය උතුරු කොරියාව, බුරුමය හා සාමාන තත්වයකට තල්ලු වෙමින් පවතින බව බොහෝ දෙනෙකු මේ පිළිබඳව අදහස් පල කිරීමේදී සඳහන් කළහ. කෙසේ වෙතත් පසුගියදා තහනම් කරනු ලැබූ වෙබ් අඩවි එසේ තහනම් කිරීම සඳහා හේතුව මේ වන විට වාර්තා වේ .
ඒ අනුව ලංකා ගාර්ඩියන් සහ ලංකා ඊ නිව්ස් තහනම් කිරීම සඳහා මුලික වී ඇත්තේ ටිරාන් අලස් මහතා ය. ඔහු විසින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා නීච ලෙස පාවා දීමෙන් පසු ආරක්ෂක ලේඛම් නන්දසේන ගෝඨාබය සමඟ මිතුරු වී ඇති බව මීට ඉහත දී අපි හෙළි කළෙමු. එම මිත්‍රත්වයේ දිගුවක් ලෙස අදාළ වෙබ් අඩවි දෙක පිළිබඳව ආරක්ෂක ලේඛම් වරයාට පැමිණි කොට ඇත්තේ ටිරාන් අලස් මහතා විසිනි. එහිදී තමාට අදාළ වෙබ් අඩවි විසින් පහරදෙන බව නොකියා ආරක්ෂක ලේඛම් වරයාගේ ප්‍රතිරූපයට හානි වන ලෙස කටයුතු කරන බව කියා ඇත. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේඛම් කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව අදාළ වෙබ් අඩවි තහනම් කිරීමට අනුෂ පැල්පිටට නියෝග කරුණු ලැබීය.
එසේම පැපරාසි වෙබ් අඩවිය තහනම් කරනු ලැබුවේ නිළියක වන දමිතා අබේරත්න මහත්මියගේ බලවත් ඉල්ලීමක් මතය. ඇය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේඛම් වරයා වන ගනේගල මහතා ඉදිරියේ අදාළ පැපරාසි වෙබ් අඩවිය විසින් තමන්ට පහර දෙන බව සඳහන් කොට ඇති අතර ඇය ඔහු සමීමයට ගොස් හඬා වැලපීද ඇත. ගනේගල මහතා මනමාල ගනේගල නොහොත් පිම්පි ගනේගල යන අන්වර්ථ නාමයන්ගෙන්ද හැඳින්වේ. එසේම ඇය සමඟ ගනේගල මහතාට ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති බව ජනමාධය අමාත්‍යංශයේ කවුරුත් දන්නා ප්‍රකට කාරණයකි. තවත් මාස කිහිපයකින් විශ්‍රම යාමට නියමිත හෙතම කෙසේ හෝ සේවා දිගුවක් ලබා ගැනීම සඳහා අර අදිමින් සිටින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය තහනම් කිරීම සඳහා අදාළ වෙබ් අඩවිය විසින් ගනේගල මහතා ගැන පල කළ ලිපියක් පාදක වූ බව වාර්තා වේ. කෙසේ වෙතත එහි කතු වරයා අදාළ වෙබ් අඩවිය ලියාපදිංචි කිරීම සඳහා අවස්ථා ගණනාවකදී අමාත්‍යංශය වෙත ගියද එය සිදු කර ගැනීමට නොහැකි වී ඇත. එසේම ඇතුගල මහතා විසින් නිකුත් කළ නිවේදනයෙන් පසුද ඔහු අදාළ වෙබ් අඩවිය ලියා පදිංචිය සඳහා බලධාරීනට කතා කරන විට ඔවුන් කියා ඇත්තේ තවමත් අදාළ කටයුතු සම්පූර්ණ කොට නොමැති බවයි. එසේනම් කිසිඳු වග විභාගයකින් තොරව තම වෙබ් අඩවිය තහනම් කළේ කුමන කාරණයකට දැයි අසූ විට ඔවුන් නිරුත්තර වී ඇත.
මේ අතර මාධ්‍ය සංවිධාන ඇතුළු සංවිධාන රැසක් ඇතුගල, ගනේගල සහ අනුෂ පැල්පිට යන අයවලුන් වග උත්තර කරුවන් කරමින් නඩු පැවරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.
Post a Comment