කැලෑ පත්තර: මම බය නොවෙමි... but ... මම සැක කළෙමි - වොහරපති තුන් සිංහලයේ සිංහ වෙස් ගත කපටි හිවලකුට රඟන රජතුමා


| දවසේ දේශපාලන කොමඩිය
අද නොවැම්බර් 09, 2011

කැලෑ පත්තරවලට බිය වුවහොත් කිසිදු කටයුත්තක් සාර්ථකව සිදු කළ නොහැකි බව නිතී විද්‍යාලයේ ඉහලම සම්මානය වන වොහරපති සම්මානය ඇතුළු තමන් ආයුධ මිලදී ගත් සහ පගාව ගත රටවල් තුනකින් ආචාර්ය උපාධි තුනත් ලබා මෙන්ම රටේ විශ්ව විද්‍යාල වලින්ද මිනි මැරීම හේතුවෙන් ආචාර්ය ධූර ලබා ගෙන බහු ආචාර්ය වී සිටින අපගේ මැද මුලනේ සිරි මතානන් ඔහුගේ කිසිඳු සිරියක් නැති වාචාල මුඛයෙන් වහරණය කළේ යැයි අගමැතිට අයත් වුණත් කේන්දරයේ අවුලක් නිසා තමන්ම රැඳී සිටින අරලිගහ මන්දීරයෙන් හෝඩුවාවක් ලැබේ.

ඉන් නොනැවතී ඇති ඔටුන්නක් සොයා ස්ත්‍රීන්ගේ ලේ එකතු කළ ඒ මහා රජාකැලෑ පත්තරවලට බිය වනවා නම් ප්‍රථමයෙන් බිය විය යුත්තේ තමා බවත් එතරම් කැලෑ පත්තර තමාට එරෙහිව තිබෙන බවත් සඳහන් කරයි. ඉනුත් නොනැවතුණු හෙතමෝ, කිසිවක් ගණන් ගත යුතු නැති බවත්, කියන්නා කෙසේ කීවත් අසන්නා හොඳින් ( මෙගා ටෙලි නාට්‍ය බලා කුරක්කන් තලප ගිලමින් ) අසා සිට සත්‍ය අවබෝධ කර ගත යුතු බවත් කිව්වේ රැස්ව සිටි සියලු දෙනාගේම අධෝ ප්‍රදේශයටද ..ක් හසරැලි සාගරයක් ලබා දෙමිනි. මීට පෙර රජු හැබයින් දැක නැති නමුත් තාප්පේ අලවා ඇති පෝසටර් වලින් දැක ඇති වනාත මුල්ලේ සොයිසාද ඊට සහභාගී වූයෙන් ඔහු කියා සිටියේ, " එහෙනම් බොලේ මුන්දා කියන ඒවත් සිහි බුද්ධ්යෙන්ම ඇසිය යුතු බව " නොවේද කියාය.

රජතුමා මේ අදහස් පළ කළේ මෙරට ප්‍රථම හෙද ඩිප්ලෝමාධාරින්ට පත්වීම් ප්‍රදානය කිරීමට ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී එක් වූ අවස්ථාවේදී බව මේ ගැන දින වකවානු සඳහන් කැරෙන්නේ නම් සඳහන් කළ යුතුය. හෙද පුහුණු පාඨමාලාව ඩිප්ලෝමා තත්ත්වයට උසස් කෙරුණු පසු ප්‍රථම කණ්ඩායම වන 2007 ඒ කණ්ඩායමේ සිසු හෙද හෙදියෝ 1441 දෙනකු ඔහුගේ වශී සුරය රඳවාගෙන සිටි සුරතින් ඩිප්ලෝමා ලබද්දී රැස්ව සිටි ලාබාල රුවැති ස්ත්‍රීන් ගැන වෙනම වාර්තාවක්ද රජුගේ ගෝලයෙකු විසින් ලබා ගන්නා අයුරු දක්නට ලැබුණි.ඒ මතු භාවිතයට හෙවත් අදාළ රුවත්තියන්ගේ මතු අරක්ෂවා සඳහාම වෙම් යැයි.

පුදුම උපදවන කටයුත්තක් වන හෙද සභාවේ ප්‍රථම හෙදිය ලියාපදිංචි කිරීම ද රජුගේ අතින් මෙහිදී සිදු කෙරිණ. ඇය ලියාපදිංචි කොරනවාත් සමඟම පැමිණ සිටි සියල්ලගේම දෑස් අසාමාන්‍ය ලෙස ලොකු කිරීමට ඉවහල් වූ කාරණයක් කිමට ඒ මහා රජු යොමු වූ අතර එහිදී ඔහු ශ්‍රී ලංකාවේ අල්ලස් චෝදනා නොල ද එකම සේවාව වන හෙද සේවයේ ගෞරවය ආරක්ෂා කරන ලෙසත් රෝගීන්ට විය යුතු උපරිම සේවාව ලබා දෙන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියේ ය. සුපුරුදු පරිදි රජු ලේ පැහැති සාටකය සහ සුපුරුදු කිරිපහැති ඇඳුමට යටින් අඹුඩයක් ගසාගෙන සිටි බව ඔහු බිය නොවන මෙම කැලා පත්තර කොලමට අන්තට්ටුවේ විමානන්දගේ මඟ පෙන්වීමෙන් ඊට සහභාගී වූ මෙත් නොවඩන මෛත්‍රී ප්‍රකාශ කළේය.

කැලා පත්තර වලට රජු බිය නැතැයි කියන්නේ කැලා පත්තර නොවන නමුත් ඔහු පිළිගන්නා පරිදි ඉතා බලවත් මාධ්‍ය ආයතන එනම වෙබ් අඩවි 10 ක් පමණ අවහිර කොට තමන්ගේ දිනමිණ කැලා පත්තරය ඇතුළු අනෙක් කොළඹ අවට දිනපතා මුද්‍රණය වන විජය, උපාලි, සුමති යන අයවලුන්ගේ කැලා පත්තර එලෙසම පවතවා ගනිමිනි. ඒ නිසා කිසිම බියක් නැති රටේ මහා රාජාට අපේ ආචාරය හිමි වන නමුත් ඔහුගේ එකම කතාවද සිහිබුද්ධියෙන් ඇසිය යුතු යැයි සොයිස කියූ කතාව අමතක කළ නොහැකිය. පුතේ, රජා වගේම ඔහුගේ අය කෙලින්නේ ඔන්න ඔහොම කියාගෙන තමා.... හිකිස්