සෙනසුරු ග්‍රහ මාරුවෙන් පසු රාජපක්‍ෂට මාරාන්තික කාලයක්.. බලය නිසැකවම බිඳ වැටෙන ලකුණු

| ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තා කරුවෙකු විසිනි

මේ දින වල ලංකාවේ හැම තැනම නොවැම්බර් 15 සෙනසුරු මාරුව ගැන අදහස් පළ වෙමින් තිබේ. විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ සෑම තැනකම පාහේ අදාළ ග්‍රහ මාරුව පිළිබඳව අවදානය යොමු වී ඇති අතර බොහොමයක් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයින් විවිධ මට්ටමේ බලි පූජා මේ වන විටත් ආරම්භ කර තිබේ. අදාළ ග්‍රහ මාරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රභල ලෙස බලපාන බව සඳහන් වන අතර ඔහුගේ බලය සැලකිය යුතු මට්ටමින් හීන වී නොයෙකුත් ශරීර ආබාධ වලට ඔහු ගොදුරු වීමේ ඉඩකඩ ඇති බව වාර්තා වේ. එසේම නොවැම්බර් 15 වැනි දිනට පෙර ඉන්දියාවේ ප්‍රකට කෝවිලකට යෑමට හෝ එහි පූජක වරුන් අරලිය ගහ මන්දීරයට ගෙන්වා යාගයක් පවත වීමට බලාපොරොත්තු වන හෙතම වෙනුවෙන් මේ වන විටත් විවිධ පුද්ගලියින් විවිධ මට්ටමේ පූජා සිදු කරමින් සිටිති. විශේෂයෙන් මර්වින් සිල්වා මේ සතියේ මුල සිටම පූජා රැසක් සිදු කරමින් සිටින බව කොළඹින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පවුලේ අයටද අදාළ සෙනසුරු ග්‍රහ මාරුව ප්‍රභල අකාරයෙන් අශුභ ලෙස බලපාන බව සඳහන් වේ.

2011 නොවැම්බර් 15 වන දින උදේ 9.26 ට තුලාවට පැමිණෙන සෙනසුරු 2014 නොවැම්බර් 02 දක්වා එහි රැඳී සිටීමින් විවිධ බලපෑම් සිදු කරනු ලබයි.
එහි ඇති වඩාත්ම වැදගත් කාරණය වන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ නායකයින්ට අදාළ ග්‍රහ මාරුවෙන් පසු සුභ කාලයක් උදා වීමය. ඒ අනුව 2011 නොවැම්බර් 15 වන දින උදේ 9.26 ට තුලාවට පැමිණෙන සෙනසුරු 2014 නොවැම්බර් 02 දක්වා එහි රැඳී සිටීමින් විවිධ බලපෑම් සිදු කරනු ලබයි.ඉන් පසු සෙනසුරු ගමන් කරන්නේ වුශ්චික වෙතටය,. තුලා ලග්නයේ සිටින අවධියේදී විධධ බලපෑම සිදු කරන බව ජෝතිර්යවේදීන්ගේ පිළිගැනීම වේ.

අදාළ සෙනසුරු ග්‍රහ මාරුව සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ලබා ගැනීමට ජෝතිෂ්‍ය වේදීන් කීපදෙනේකුටම අපි කතා කළෙමු . එහිදී මුලික වශයෙන්ම හොයා බැලුවේ මෙම සෙනසුරු මාරුවෙන් ලංකාවට සිදු වෙන්නේ කුමක්ද යන්නයි. විශේෂයෙන් මේ දිනවල විශාල වශයෙන් දේශපාලකයින් ලංකාවෙන් පිටට ගොස් සෙනසුරු ග්‍රහ මාරුව අවසන් වන තෙක් නොපැමිණීමට තීරණය කොට ඇත. ඊට සෙනසුරු මාරුව හා සම්බන්දයක් තිබේද යන්න සොයා බැලීම වැදගත් වේ. ජෝතිශයට අනුව මෙමෙ ග්‍රහ මාරුව සමස්ත ලංකාවටම හොඳ නැත. බොරුවෙන්, වංචාවෙන් , ප්‍රෝඩාවෙන් ජනතාව රවට්වන දේශපාලකයින්ට මෙන්ම බොරුවෙන් ජීවත් වන සියලු දෙනාටම නරක ප්‍රතිපල ගෙන දේ.

"ස්වභාවධර්මය වැරදීකරුවන්න්ට දඩුවම් දෙනවා කියන්නේ මේකට තමා. තමන් කළ වැරදී වලට කවද කොතැනකදී හෝ, මේ ලෝකෙදී නැත්නම් එන ආත්මයේදී හෝ දඩුවම් ලැබේ. දොස්තර බ්‍රයන් වේල්ස් ගේ සොයා ගැනීම් වලට හා ඔහුගේ පරීක්ෂණ වලට අනුව සෑම අත්මයකටම නැවත උත්පත්තියක් ඇත. තමන් කරන පවු පින් අනුව තමන්ගේ ආත්මයට, ආත්මයෙන් ආත්මයට ප්‍රති විපාක විදීමට සිදුවේ. ආගම් අනුව හා අධි මනෝවිද්‍යාව අනුව eternal light එක ලගට යන තුරු මේ විධියට සංසාරේ සැරි සරයි. මහා වංශයේ එන කතා වලත්, සුද්ධ වූ බයිබලයේ , අල් කුරානයේත් කාලයෙන් කාලයට මිනිසුන්ගේ පු වැඩිවන විට දෙවියන් විසින් හෝ ස්වභාව ධර්මය විසින් නගර හා රටවල් අර්ධ වශයෙන් හා සම්පුර්ණ වශයෙන් විනාශ කළ බව සදහන් වේ. සර්ව ග්‍රහ මණ්ඩලයම හසුරුවන බලවේගය තුලින් මෙලෙස දඩුවම් පමුණුවනු ලැබේ," යැයි ප්‍රකට ජෝත්ෂ්‍ය වේදිනියක ලංකා ගාර්ඩියන් වෙත ප්‍රකාශ කළාය.

"සෑම මනුෂ්‍යයෙක්ම උතුම්ය. මෙලොවට සෑම කෙනෙකුම ඒවා ඇත්තේ යම් කිසි දුත මෙහෙවරක් කිරීමටය, සංසාරේ ගමන කෙටි කර ගැනීමට තමන් අතින් සිදු වූ වැරදි වලට වන්ධි ගෙවා, හොඳ වැඩ තුලින් ලකුණු වැඩි කර ගැනීමටය. නමුත් ජීවිත ගැන හරි අවබෝධයෙන් තොර නමට පමණක් අන් අයට පෙනෙන ලෙස ආගම් අදහන, තමන් සදාකාලිකයි කියා බලය හා තණ්හාව තුරුළු කර ගෙන ජීවත් වන්නන් සිදුකරනුයේ අනුන් රවටලා, වංචාවෙන් තමන්වත් රවටගෙන සංසාර ගමන දික් කර ගැනීමය," යයි තවත් ප්‍රකට ජෝතිෂ්‍ය වේදියෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත් නොවැම්බර් මස 15 දින ග්‍රහ මාරුවෙන් පක්ෂ බේදයකින් තොරව වංචාකර, අයුක්ති සහගත දේශපාලකයින්ට නම් දඩුවම් ලැබෙනවා යන්න පැවසේ. මෙය සමස්ත ලෝකයටම බලපානු ලබන බවද ඊට එකතුවන ව්‍යාතිරේඛයකි. ලංකාවේ දේශපාලකයින් සීග්‍ර ලෙස ලංකාවෙන් පිට වනුයේ, ලංකා නිරක්ෂය පැන්න විට යම් තාක් දුරට හෝ තම අපල කාලය මග හැරෙයි කියා සිතන නිසා හා තමන් කළ වැරදි මතක් වී එයින් භයානක ප්‍රතිපල අත්විදීමට සිදුවන බව බියෙන්ය. යන්තර හා මන්ත්‍ර බලෙන් තෙම බලය රැක ගන්න පොරකන දේශපාලක්නයින් මේ ග්‍රහ මාරුවට බිය වී ඇති බවනම් ඉතාමත් පැහැදිලිය. එසේම පව්ටහින බලය බිඳ වැටී නව බලයකට ඉඩ සැලෙසෙන අතර එම බලය බිඳ වැටීම ඉතාමත් නරක ආකාරයෙන් එනම් බලයේ සිටින ය තව දුරටත් පුද්ගලයින් ඝාතනය කරමින් කෙසේ හෝ තම බලය රක ගැනීමට යොමු වෙනු ඇත. නමුත් සෙනසුරු ග්‍රහ මැරුවත් සම්නග රටේ නායකත්වය කේන්ද්‍ර කරගනිමින් ඇති වී ඇති මාරාන්තික බලපෑම කිසිම ආකාරයකින් වෙනස් කළ නොහැකි බව සඳහන් වේ. එසේම සරත් ෆොන්සේකා මාහතට ඇති ජනතා බලය තව දුරටත් අදාළ ග්‍රහ මාරුවෙන් පසු වැඩි වන බව සඳහන් වේ. මේ නිසා හැකි උපරිමය යොදා ජනරාල් ෆොන්සේකා මහතාට දඬුවම් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කොට ඇත.