| සාතික් මොහොමඩ්
ගොකරැල්ල උඩතම්මිට ප්‍රදේශයේ පදිංචි පවුලක සිටි 45 හැවිරිදි මවට සයිනයිඩ් (විස) කරලක් කවා ඝාතනය කිරීමට තැත් කළ 26 හැවිරිදි පුතෙක් ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිය මවට අයත් දේපොළ ලබා දෙන ලෙස දිනෙන් දින තර්ජනය කරමින් සිටි සැකකාර පුතු එය ලැබෙනු ඇතැයි සිතා ඇය ඝාතනය කිරීමේ අරමුණින් මෙලෙස ඇගේ ගෙලට පිහියක් තබා සයිනයිඩ් කරල කන ලෙස කියා ඇති අතර පසුව මව සිය පුතාගෙන් මිදී සයනයිඩ් කරල හා පිහියද සමඟ පැමිණ ගොකරැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ ඇරඹූ පොලිසිය සැකකරු වරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු යුද හමුදා සෙබළකු වන අතර මොහුට මෙම සයිනයිඩ් කරල ලැබුණ ආකාරය පිළිබඳ පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇති බව ගොකරැල්ල පොලිසිය පවසයි.
සැකකරු කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ගොකරැල්ලල පොලිස් ස්‌ථානාධිපති පො. ප. රංජිත් විතාරණ මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.
Post a Comment