කතුවැකිය : අය වැය සහ නොඉවසීම

File Photo
මුදල් ඇමති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පලමෙන්තුවට අය වැය ඉදිරිපත් කළේය. සහනය වෙනුවට අසහනය වැඩි කරමින් ඉවසීම වෙනුවට නොඉවසීම තව දුරටත් පුලුල් කරමින් මර්ධනය නියත මර්ධනයක් බවට ඉඟි කරමින් ඔහු තමන්ගේ ඉදිරි වසර සඳහා වූ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය හෙවත් අය වැය ඉදිරිපත් කරනු ලැබීය. ජනාධිපතිවරයා පමණක් නොව පොදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ සාමාන්‍ය ජනතාවට සහනය වෙනුවට සැලකිය යුතු ප්‍රජාවකට පමණක් සුවිශේෂ වාසි සලසන බව මුල සිටම දක්නට ලැබුණු කාරණය වේ. හොඳ හෝ නරක හෝ වේවා ආර්ථික කලමානකරණය අතින් මේ දක්වා ඉදිරියෙන් සිටියේ එක්සත් ජාතික පක්ෂය වේ. අනෙකුත් දේශාපලන පක්ෂ සමඟ සංසන්ධනය කිරීමේදී විශේෂයෙන් ආර්ථිකය සියලු ප්‍රජාවන්ට භුක්තිවිඳිය හැකි ආකාරයේ ප්‍රතිපත්තියක් එක්සත් ජාතික පක්ෂයට තිබුණි. ඉන් එජාපය සිදු කළ අතිශය විනාශකාරී වැඩ පිළිවෙල සාදාරනීකරණය කිරීමක් කිසි ලෙසකින් සිදු කිරීමට බලාපොරොත්තු නොවෙමු.

නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයා ආර්ථික කලමානකරණය අතින් දුර්වලයෙකු වන අතර ඔහු මේ දක්වා තම කුසලතාවය පේනවා ඇත්තේ සාදාරණ හේතු මත හට ගන්නා තමන්ට එරෙහි විරෝධය අතුගා දැමීමට සහ දුෂිතයින් ණේඒටඃආ ඉදිරියට පමුණුවා රටට සදරන්යක් කිරීම වෙනුවට කෙසේ හෝ තමන් වෙත නම්මවාගෙන ඔහුන්ගේ මුදල් සුරාකෑම සඳහාය. ඉන් ඔහුගේ පෞද්ගලික ජීවිතය පමණක් ධනවත් වේ.

මෙම තත්වය හමුවේ ඉදිරි වසර කිහිපය තුළද එනම් අඩු තරමින් ඉදිරි අවසර තුන ඇතුලත ශ්‍රී ලංකාවට පොදුවේ අතිශය භයංකර ලෙස මුහුණ දීමට සිදුවන්නේ එකී නියත පාලන ක්‍රමවෙදයටය. මේ තත්වය හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වුවමනා එපාකම් සහ චීනය මුලික කර ගත් දුෂීත සූරාකන වෙළඳ පොළ අතර පවතින අනවරත අරගලයේ ගොදුරක් බවට පත් වනු ඇත. මේ නිසා තව දුරටත් සමාජ බෙදීම් වැඩි වන අතර රාජපක්ෂගේ බලය තහවුරු කර ගැනීම සඳහා ඔහු කෲර මර්ධනයක් වෙතට තල්ලු වනු ඇත. මිලිටරිය ශක්තිමත් කිරීම සහ රජ්‍යසේවකයින්ට සහන ලබා දෙන බව පෙන්වීම ( එය කෛරාටක මායාවකි ) අතර පවතින ගැඹුරු ගැලපීම වන්නේ මෙයයි . තව දුරටත් භාණ්ඩ මිල ඉහළ යාම මෙන්ම රටේ රැකියා වියුක්තිකයින්ගේ ගණන ඉහළ යාම ඉදිරි වසර දෙක තුලදී බල පොරොත්තු විය හැකිය. කෙටියෙන්ම කියතොත් පෙරට වඩා පටි තද කර ගැනීමට සහ ආණ්ඩුවක් කුමක් කලත් ඉවසීමට ඉදිරියේදී අකමැත්තෙන් විවාද සිදු වනු ඇත.