ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කපා බලය ඇල්ලීමේ බැසිල්ගේ සැළසුමක්

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කපා දමා තමන්ට හිතවත් පළාත් සභා අමාත්‍යවරුන් ඉදිරියට ගෙන ඒමේ සූක්ෂම වැඩපිළිවෙළක් බැස්ල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව දැනගන්නට ලැඛෙන අතර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සිටිනා ආසන බොහෝමයක තමන්ට හිතවත් පළාත් සභා අමාත්‍යවරුන් හා මන්ත්‍රී වරුන් ඉදිරියට ගෙන එමින් ඔවුන්ට විශාල ළෙස ප්‍රතිපාදන ලබා දෙමින් ආසන සංවිධායකවරුන්ට වඩා වැඩියෙන් ජනතාවට සංවර්ධන වැඩ කටයුතු කරමින් ආසන සංවිධායකවරුන් කපා එම ආසනවල සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් ඉදිරියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

විශේෂයෙන්ම තමන්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටින සියළුම ශ්‍රීලනිප අමාත්‍යවරුන්ද ආසන සංවිධායකයින්ද කපා දමා තමන්ට හිතවත්, කීකරු පළාත් සභා අමාත්‍යවරුන් ඒ වෙනුවට එම ආසන වල සංවිධායකයින් ළෙස පත්කරමින් රජයේ බලය ඇල්ලීමේ ඉතා සූක්ෂම දේශපාලන ක්‍රියාවලියක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, විශේෂයෙන්ම ජනාධිපතිතුමා හට අතිශයින් හිතවත් හා විශ්වාසවන්ත සියල්ලන් කපා දමා තමුන්ට හිතවත් සියල්ලන් ඉදිරියට ගෙන ඒම මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බව ශ්‍රීලනිපයේ ෙජ්්‍යෂ්ඨයින් කිහිපදෙනෙකුගේ එලිදරව්වෙන් වාර්තාවේ.

මේ වන විටත් බලය ඇල්ලීමේ පළමු මෙහෙයුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භවී ඇති බවත් ජාඇල, වත්තල, මීගමුව, කටාන, ගම්පහල මහරල කැළණීය ඇතුළු ආසන රාශියක ආසන සංවිධායකද යටකරමින් පළාත් සභා අමාත්්‍යවරුන් විශාල ළෙස මුදල් වියදම්කරමින් ආසන සංවිධායකයින්ටද නොදන්වා සංවර්ධන කටයුතු කරමින් සිටින බවත්, බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ආසන සංවිධායකයින් හට ලැබිය යුතු ප්‍රතිපාදන සීමා කරමින් ඒ වෙනුවට පළාත් සභා මන්ත්‍රීවරුන් හට විශාල ළෙස ප්‍රතිපාදන ලබා දෙමින් සිටින බවද වාර්ථා වේ.