| සුනිල් හඳුන්නෙත්ති
ජාතික කඩදාසි සංස්ථාවට අයත් ඇඹිලිපිටිය කර්මාණ්ත ශාලාව ආණ්ඩුව විසින් ඕස්ටේ්රලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගම වෙත 30 අවුරුදු කාලයක් සඳහා බදු දෙනු ලැබ තිබේ. රාජ්‍ය ව්‍යවසාය හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා අද (15) මාධ්‍ය වෙත මහත් ආඩම්බරයෙන් යුතුව පවරා දැමූ බව කියා සිටින නමුත් රටට අයත් අමිල සම්පතක් මිලියන 600ක් තරම් සුළු මුදලකට විදෙස් සමාගමකට පවරා දීම පිළිබඳව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවම ලැජ්ජා විය යුතු බව අපගේ විශ්වාසයයි.
ඉහළම තත්වයේ ගුණාත්මකභාවයකින් යුත් කඩදාසි නිෂ්පාදන හැකියාවක් සහිත යන්ත්රසූත්ර පද්ධතියකින් යුත් මෙම සමාගමත් අක්කර 250කට වැඩි භූමියත් තුට්ටු දෙකක මුදලකට විකුණා දැමීම මගින් ආණ්ඩුව ආණ්ඩුව තමන් අනුගමනය කරමින් සිටින කොල්ලකාරී ආර්ථීක පිළිවෙත නැවත වරක් ප්‍රදර්ශනය කර තිබේ. එසේම එම සමාගමේ සේවය කළ සියලූ සේවක සේවිකාවන් දොට්ට දැමීමට පියවර ගැනීමෙන් ආණ්ඩුව තමන්ගේ කම්කරුවිරෝධී පිළිවෙත ද ප්‍රකට කර තිබේ. රුපියල් මිලියන 600ක පැවරීමේ ගිවිසුමෙන් ආණ්ඩුවට දැනට ලැඛෙන්නේ, රුපියල් මිලියන 400ක් පමණි. එනම් කෝටි 40ක මුදලකිි. එහෙත් ගාල්ල කොට්ටාව අධිවේගී මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදි කිරීම වෙනුවෙන් රටට වැය වී ඇති මුදල කෝටි 77කි. එසේ වී තිබියදී කඩදාසි කම්හලේ අයිතිය 30 අවුරුද්දකට පවරා කෝටි 40ක් ලබාගැනීමේ ජාතික අපරාධය පිළිබඳ පුරසාරම් දෙඩීම කෙතරම් ව්‍යාජයක් ද යන්න ජනතාව විසින් ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ.
අනෙක් අතට රාජපකෂ ආණ්ඩුව අනුගමනය කරමින් තිඛෙන නව ලිබරල්වාදී උපාය මාර්ගය තුළ ආණ්ඩුව මැතිවරණයේදී ජනතාවට අලෙවි කළ ඊනියා ජාතික ආර්ථීක පිළිවෙත හා දේශප්‍රේමය සරදමට ලක්වී ඇති ආකාරය පැහැදිලිය. සියලූ සළු උනා දමා විදෙස් ජාවාරම්කරුවන්ට රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීම තමන්ගේ ආර්ථීක ප්‍රතිපත්තිය බවට පත්කරගෙන සිටින ආණ්ඩුව තම එදිනෙදා යැපීම සඳහා මිල කළ හැකි සියල්ල විකිණීමට සූදානම් බව දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබේ. අගනුවර වටිනා ඉඩම්වල සිට අනුරාධපුරයේ වැව් ජලය සහනැගෙනහිර වෙරළේ වටිනා ඉඩම් දක්වා පමණක් ආණ්ඩුවේ වෙන්දේසි කිරීම් සීමා වී නැත. අද ඇඹිලිපිටිය විකුණා දමන ආණ්ඩුව හෙට කන්තලේ සීනි කම්හලත් කන්කසන්තුරේ සිමෙන්ති කම්හලත් ඒවාට අයත් විශාල ඉඩම් ප්‍රමාණයත් විකුණා දැමීමට ගැණුම්කරුවන් සොයමින් සිටී. එසේ කරනු ලබන්නේ පාඩු ලබන පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගන්නා බවට වන ඊනියා ජාතික වාදී සටන්පාඨ අලෙවිකරමින් සිටින අතරතුර වීම උපදවන්නේ හාස්‍යයක් මිස අන් යමක් නොවේ.
ආණ්ඩුව තමන්ගේ සැබෑ ආර්ථීක පිළිවෙත තවදුරටත් සැඟවීමකින් තොරව කටයුතු කිරීම පිළිබඳව එක් අතකින් සතුටුවිය හැකි නමුදු රටේ මිල කළ නොහැකි සම්පත් ජනතාවට අහිමි කරමින් විදේශීය සමාගම් වෙත තුට්ටු දෙකට පවරාදීම අතිශය බරපතළය. මේ අවදානම තේරුම් ගනිමින් ආණ්ඩුවේ මෙම කොල්ලකාරී ආර්ථීක ගමන පරාජය කොට රටේ සම්පත්වල සැබෑ හිමිකරුවන්ට ඒවායේ ප්රතිලාභ අත්පත් කර ගත හැකි සමාජ ක්‍රමයක් වෙතට මාරුවීම සඳහා වහ වහා පෙළ ගැසෙන ලෙස සියලූ ලාංකේය ජනතාවගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.
Post a Comment