බෙල්ලන්විල විමලරතන භික්ෂුව ගැන ලිපිගොනුවක් ඇරලා

| සමන්ත කෝනාර

ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයෙකුගේ නියෝගය මත බෙල්ලන්විල විමලරතන භික්ෂුව පිළිබඳව රහස් ලිපිගොනුවක් විවෘත කොට ඇති බව වාර්තා වේ. රහස් පොලිසිය විසින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පතුකරුවන් පිළිබඳව කරන ලද පරීක්ෂණයකට අනුව බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් මෙම මුල්‍ය ආයතනයේ රුපියල් මිලියන 200 කට අසන්න මුදලක් තැන්පත් කොට ඇති බවට සොයාගෙන ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් මේ සා මුදල් තොගයක් පුද්ගලික මුල්‍ය තැන්පතු ආයතනයක තමන්ගේ නමින් තැන්පත් කිරීම ආදායම් බදු වංචාවක් මෙන්ම ලංකාවේ මුදල් නීති රීති බරපතල ලෙස බිඳ දැමීමකි. මෙවැනි විශාල මුදල් තොගයක් තමන්ට ලැබුණු අන්දම බෙල්ලන්විල විමලරතන භික්ෂුව හෙළි කොට නැත. එසේම මෙම භික්ෂුවට අයත් දෙහිවල මුවර්ස් පාරේ සුපිරි නිවසක්ද තිබෙන බව රහස් පොලිස් පරීක්ෂණයේදී හෙළිවී තිබේ. මීට පෙර ආණ්ඩුව අපහසුතාවයට පත් කරමින් පුවත් පත් නිවේදන නිකුත් කිරීමට පුරුදුව සිටි බෙල්ලන්විල විමලරතන හිමියන් ගෝල්ඩන් කී මුල්‍ය වංචාවෙන් පසු දැන් තදබල නිහඬ චරිතයක් බවට පත් වි ඇත. මෑතකදී දුමින්ද සිල්වා ගේ සහචරයන් විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා මරා දැමීමෙන් පසු ප්‍රකට පුවත්පත් කීපයක් විසින් ඒ පිළිබඳව ඒ ගැන බෙල්ලන්විල විමලරතන භික්ෂුවගෙන් මත විමසන ලද අවස්ථාවේදී උන්වහන්සේ රජය අපහසුතාවයට පත් නොවන ආකාරයට ලිස්සා යන පිළිතුරක් දී තිබේ.