පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්දට අනුව දුමින්ද සිල්වාගේ උපදෙස් පරිදි ඔවුන් ප්‍රගීත් එක්නැළිගොඩගේ මළසිරුර මිගමු කලපු මුහුදේ දමා ඇත. දෙමටගොඩ චමින්දව බාරත ලක්ෂ්මන් ගාතනය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ වදහින්සාවට එරෙහි සම්මුතිය පිළිබද සමුළුවේදී හිටපු නීතිපති මොහාන් පිරිස් මේ මාද්යකරුවාගේ ගාතනය සම්බන්දයෙන් කිවේ කුමක්ද? එනම් ප්‍රගීත් පිටරටක දේශපාලන රැකවරණය ලබා ගෙන ජිවත් වෙන බවයි.
ප්රගිත්ගේ ආදරණිය බිරිද හිටපු නීතිපතිගේ මෙම ප්‍රකාශය ගැන කිවේ කුමක්ද?
"පිරිස් කියන ආකාරයට මගේ මහත්තයා හැංගිලා ඉන්නවනම් කවදාවත් මට කතා නොකර ඉන්නේ නැහැ. ඔවුන් අපේ දරුවන්ට ඉතාමත් ආදරෙයි. කවදාවත් ඔහු අපව එවන් වේදනාවකට පත් කරන්නේ නැහැ. මොහාන් පිරිස් කියනවා ඔහු මගේ මහත්තයා ඉන්න තැන දන්නවා කියලා. ඔහු කියන්නේ ඇත්තකනම් ඔහු මගේ මහත්තයාව මට ගෙනත් දිය යුතුයි."
මෙම අදහස් දැක්වීම සන්ද්‍යා එක්නැලිගොඩ කලේ සි. පි. ජේ වෙබ් අඩවියටයි. (Committee to Protect Journalists .)
Post a Comment