| සුනිල් ජයසේකර සහ හානා ඊබ්‍රහිම්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළියගොඩ මහතා ජීවතුන් අතර සිටින බවට හා ඔහු විදේශීය රටක දේශපාලන රැකවරණ ලබන්නෙකු ලෙස සිටින බවට තහවුරු කළ හැකි තොරතුරු ශී‍්‍ර ලංකාව සතුව පවතින බව හිටපු නීතිපතිවරයෙකු හා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන මොහාන් පීරිස් මහතා සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු වී තිබේ.
මොහාන් පීරිස් මහතා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ පසුගියදා ජීනිවා නගරයේ පැවති වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියෙහි ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් කරුණු දක්වමිනි. එහිදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා ජීවතුන් අතර සිටින බවට මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කර ඇතත් ඔහු මේ වනවිට ජීවත්ව සිටින්නේ කුමන ස්ථානයක ද, ඔහුට දේශපාලන රැකවරණ ලබාදී ඇති රට කුමක්ද යන්න පිළිබඳව සඳහන් නොකිරීම බලවත් ගැටළුවකි. කෙසේ නමුත්, මොහාන් පීරිස් මහතා යනු සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. ඔහු ශී‍්‍ර ලංකාවේ හිටපු නීතිපතිවරයෙකු මෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකයෙකු හා ශී‍්‍ර ලංකා රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු රැස්වීම් සඳහා සහභාගී වන ශී‍්‍ර ලංකා දූත මණ්ඩල සාමාජිකයෙකු ද ලෙස කටයුතු කරන වගකිව යුතු පුද්ගලයෙකු බව අපගේ බලවත් විශ්වාසයයි. එබැවින් ඔහු පසුගියදා සිදුකර ඇති ප්‍රකාශය තහවුරු කිරීම මොහාන් පීරිස් මහතාගේ වගකීමක් වනවා පමණක් නොව ශී‍්‍ර ලංකා රජයේ ද වගකීමක් වේ.
ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් වී මේ වනවිට වසර 02 කට ආසන්න කාලයක් වන අතර එය අදටත් බලවත් අභිරහසක් වී තිබේ. පසුගිය කාලය පුරා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ශී‍්‍ර ලංකා රජයෙන් පුන පුනා ඉල්ලා සිටිනු ලැබුවේ මෙම අභිරහස විසඳීමට කටයුතු කරන ලෙසටය. එබැවින් මොහාන් පීරිස් මහතා විසින් කර ඇති ප්‍රකාශය සත්‍ය නම් එය සනාථ කිරීම සඳහා අවශ්‍ය සාකෂි හා නිශ්චිත තොරතුරු ඉදිරිපත් කරමින් මෙම අභිරහස විසඳීමට ශී‍්‍ර ලංකා රජයට අනගි අවස්ථාවක් උදාවී ඇති අතර නොපමාව ඒ පිළිබඳව වගකිව යුතු පාර්ශවයන් කි‍්‍රයා කරනු ඇතැයි අපි අපේකෂා කරන්නෙමු. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ පොලිසිය ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීමට අදාලව විමර්ශන සිදු කර හෝ සිදු කරමින් ඇත්නම් මොහාන් පීරිස් මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපේකෂා කරන අතර මේ පිළිබඳව මොහාන් පීරිස් මහතාගෙන් විධිමත් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳව සිය නිරීකෂණ හා නිගමන හැකි ඉක්මණින් රටට හෙළිදරව් කළ යුතුව ඇතැයි වැඩිදුරටත් අවධාරණය කරනු කැමැත්තෙමි.
Post a Comment