| අමිල ගුණරත්න
විධායක ජනාධිපති ධුරයේ බලතල පාවිච්චි කරමින් අපරාධකරුවන් , වංචනිකයන් සඳහා විවිධ වර්ගයේ නිල සහ නිල නොවන වර්ගයේ සමාවන් මෙරට ජනාධිපතිවරුන් විසින් ප්‍රධානය කොට තිබේ. ජනාධිපති ජේ ආර් විසින් ස්ත්‍රී දුෂක ගෝනවල සුනිල් ට විශේෂ සමාවක් දුන්නේය. එය හැඳින්වුයේ සුනිල් සමාව ලෙසටය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලාබාල දැරිවියක දුෂණය කල දුමින්ද සිල්වාට , නාපමුනුව මිනීමැරුම කල චන්දන කත්‍රිආරච්චිට, වක්රාකාර සමාවන් දී තිබේ. අලුත්ම සමාව වන්නේ කේසර සමාවයි.
මහනුවර හිටපු නගරාධිපති කේසර දහම්සොඬ සේනානායක වර්ෂ 2004 අප්‍රේල් මස 06 දා සිට 2004 ජුනි 30 දා අතර කාලය තුළදී මහනුවර නගරාධිපති ලෙස කටයුතු කරමින් 2004 අප්‍රේල් 13, 14 හා 15 තෙදින තායිවානයේ තායිපේ නුවර පැවති අන්තර් ජාතික පළාත් පාලන සම්මේලනයට හා පුහුණු වැඩමුළුවට සහභාගි වීමට මහනුවර මහ නගර සභා අරමුදලින් මුදල් වෙන්කරවා ගෙන එකී සම්මේලනයට හා වැඩමුළුවට සහභාගි නොවී භාර්යාව සමග සිංගප්පූරුවේ සංචාරය කිරීමෙන් රුපියල් එක්ලක්ෂ අසූපන්දහස් එකසිය අසූපහයි ශත පනස්හයක (1,85,185.56) රජයේ මුදලක් වංචා කොට ඇත. විත්තිකාර නගරාධිපතිවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් චෝදනා ගොනු කොට තිබු අතර චෝදනා දෙකකට අදාළව පැවැති නඩු විභාගයකින් අනතුරුව ඔහු වැරැදිකරු බවට සනාථ විය. මෙම වංචාව සඳහා කොළඹ හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා මහනුවර හිටපු නගරාධිපති කේසර දහම්සොඬ සේනානායකට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක් හා මාස දොළහක සිරදඬුවමක් වසර පහකට අත්හිටුවමින් නියම කරනු ලැබිය. නමුත් දූෂණ චෝදනාවන්ට වැරැදිකරු වී දඬුවම් ලැබ සිටි කේසර සේනානායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ සමාව යටතේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් මුදාහරිනු ලැබිය.
මෙය ඉතා භයානක සහ නරක පුර්වාදර්ශයකි. දේශපාලකයන් මහජන මුදල් යටිමඩි ගසති. අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වුවහොත් අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 90% මුල්‍ය වංචා වලට සිර ගෙවල් වල සිටි යුතු අපරාධකරුවන්ය. හිටපු දුෂිත අගවිනිසුරු සරත් එන් ද සිල්වා නොසිටින්නට හෙල්පින් හම්බන්තොට මගඩියේ ප්‍රධාන නළුවන් ද සිටිය යුත්තේ වැලිකඩය. හොරුන් හොරුන්ට උපකාර කිරීම ස්වභාවික නමුත් මහා දවාලේ මෙවැනි පහත් පෙලේ වංචාවක් කල මහනුවර හිටපු නගරාධිපති කේසර දහම්සොඬ සේනානායකට දඬුවම වෙනුවට ජනාධිපති සමාව දීම හෙලා දැකිය යුත්තකි. හෙට අනිද්දා වන විට කේසර සේනානායකට සංස්ථා සභාපතිකමක් , තානාපති පදවියක් ද ලැබෙනු ඇත.
Post a Comment