දඩුවම් මුදලාලී හා කරාටේ ධම්මික ජීවතුන් අතර

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

අප සැම දන්නා පරිදී දඩුවම් මුදලාලී හා කරාටේ ධම්මික ජීවතුන් අතර නැත. දඩුවම් මුදලාලීව නිවසේදීම මරා මුහුණ විකෘර්ති කර පුච්චා දමා ඇත. කරාටේ දම්මිකගේත් මරණින් පසු මුහුණ විකෘර්ති වී ඇත. නමුත් මෙම කතාවන්ගේ ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස් වන අතර රාජ්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ බුද්ධි අංශයේ නිලධාරීන්ට අනුව සිදුවෙමින් පවතින්නේ වෙනස් ඛේදවාචකයකි. මැරුණයි කියන මොවුන් දෙපලම අද ජීවතුන් අතර ඇත. ඒ මහින්දගේ හා නන්දසේන ගෝටාභයාගේ ආරක්ෂාව යටතේ රටින් පිටුවල් කිරීමෙන් පසුය. ඔවුන් දෙදෙනාගේම ශරීරයේ හැඩයට සමාන දෙදෙනකු ඔවුන් වෙනුවෙන් මරා දමා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට දඩුවම් මුදලාලී මහින්ද පවුලේ සමීම හිතවතෙකි. ඔහුගේ මුදල් සියල්ල මහින්ද පවුල සතු කරගෙන ඇති අතර ඔහු මැරුණයි කියා ප්‍රචාරයක් යැවීමට පෙර එදින රෑම ආරක්ෂාව යටතේ රටින් පිටුවහල් කර ඇත. පසුව ඔහුගේ මිනිය ලගට කිසිවකුටත් පැමිණීමට ඉඩ නොදී ඔහුගේ ඥාතියෙකුට පමණක් ඔහුව බැලීමට ඉඩ දී ඔහු හදුනා ගත් ලෙස ප්‍රසිද්ධ කරන ලදී. මෙසේ සිදු කර ඇත්තේ මහජනතාවගේ කටවල් වැසීමට බවත් මුදල් ඉල්ලා මහජනතාව කලබල කිරීම නතර කිරීමටත්ය. මුදල් වලට කුමක් වුයේද යන්න දඩුවම් මුදලාලීගේ මරණයත් සමගම වැළලී ගියේය.

මෙලෙසම කරාටේ ධ්ම්මිකවත් ආරක්ෂාකාරී ලෙස රටින් පිටුවල් කර ඇත. ඔහු පැවසූ ආකාරයට තවත් කිහිප දෙනෙකුම මෙලෙස රටින් පිටුවහල් කර ඇත. එය කර ඇත්තේ ජනතාව නොමග යැවීමට බවත් ඉදිරියේදී මෙලෙස මුහුණ විකෘර්ති වී මරණයට පත් වන පිරිස වැඩි වීමට ඉඩ ඇති බවත්ය. මෙය ආණ්ඩුව විසින් හිත මතාම තම හොරුන් ආරක්ෂා කිරීම සඳහා කාලයක් තිස්සේ සිදු කරන උපක්‍රමයකි.